කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි දිලිනි ජයසූරිය සමග බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා හංවැල්ල හෝටල් කාමරයක දින දෙකක්ම ගත කර ඇත්තේ ඇය ඝාතනය ක කිරීමට පෙර සිටම තිබූ සැළැස්මක් මත නොවන බව පරීක්ෂණවල දී ඒත්තු ගොස් ඇතැයි වාර්තා වනවා.
එවන් සැළසුමක් තිබුණා නම් හෝටලයේ නවාතැන් ගැනීමට පැමිණෙන අවස්ථාවේ පිහියක් සඟවා ගෙන එන බව පරීක්ෂණ නිලධාරීන්ගේ අදහසයි.
පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට අනුව ඇයට පහරදීමක් සිදුනොවී ඇති බැවින් දෙදෙනා අතර ඇති වූ ආරවුලක් මත උප පොලිස් පරීක්ෂකවරයා ඇගේ ගෙල මිරිකන්නට ඇති බවත් එම අවස්ථාවේදී ඇය මරණයට පත් වන්නට ඇති බවටත් සැක මතුව තිබෙනවා.
ඇගේ මරණයත් සමග උප පොලිස් පරීක්ෂකවරයා ඇය කවුදැයි හඳුනාගැනීම වැළැක්වීම සඳහා හෝටලයෙන් පිටවී හංවැල්ල නගරයේ ඇති සතිපොළට ගොස් පිහියක් මිලදී ගෙන පැමිණ ගෙල සිඳලන්නට ඇතැයි දැනට සැක කරනවා.
මෙම තරුණියගේ හිස කඳින් වෙන් කර ඇත්තේ ඝාතනයට පසුව බවට වෛද්‍ය වාර්තාවේද සඳහන්.