නෙහාරා පීරිස් අලුත උපන් සිඟිති දියණිය සමග දැන් ගෙවන ජිවිතයේ ජායාරූප 25ක්




නෙහාරා පීරිස් වගේම මේනක රාජපක්ෂ කියලා කියන්නේ කළා ක්ෂේත්‍රයේ කාගේත් ආදරයට වගේම කතා බහට ලක්වෙන ආදරණීය කළා ශිල්පීන් යුවලක් කිවුවොත් හරියටම හරි. ඉතින් මේ දෙන්නා පහුගිය කාලයේ උතුම් මව් පිය පදවිය ලබපු පුවත මේ වනවිට කාටත් රහසක් නම් නෙමෙයි. ඉතින් මේ ආදරණීය යුවල පුංචි දියණියත් එක්ක ගත කරන කාලය ගැන අපි නිරන්තරයෙන්ම රසබර පුවත් ඔබ වෙත අරගෙන ආවා ඔබට මතක ඇති. ඉතින් කොහොම නමුත් මේ වනවිට නෙහාරා පීරිස්ගේ ආදරණීය පුංචි දෝනිට මාස තුනක් සම්පුර්ණ වෙලයි තියෙන්නේ. ඉතින් මේ පුංචි දෝනිගේ මාස තුනක් සම්පුර්ණ වෙන දවසේ නෙහාරා පීරිස් තමන්ගේ පුංචි දෝනිගේ ඡායාරූපයක් ඇයගේ සමාජජාලා මාධ්‍ය වලට එකතු කරලා තිබුණා. ඉතින් ඒත් එක්කම ඇය කියලා තිබුනේ මේ තමයි අපේ පුංචි බෝනික්කි කියලා ඇය ඒ විදිහට සටහන් කරලා චූටි දෝනිගේ ආදරණීය ඡායාරූපයකුත් ඒත් එක්ක එකතු කරලා තිබුනා. ඉතින් ඒ වගේම තමයි මේනක රාජපක්ෂත් තමන්ගේ ආදරණීය පුංචි දෝනිගේ ඡායාරූපයක් ඔහුගේ සමාජජාල මාධ්‍ය වලට එකතු කරමින් හරි අපූරු කතාවකුත් කියලා තියනවා අපට දැකගන්න ලැබුණා. මාස තුනයි, තාම රස්සාවක් නැහැ. නිකන් කකා බිබී ඉන්නවා. බලන්න දැන් හැදෙන ළමයි, කිසි කමකට නැහැ කියලයි මේනක රාජපක්ෂ ඒ විදිහට සෙනෙහසින් සඳහන් කරලා තිබුනේ. ඉතින් මේ පුළුන් බෝලයක් වගේ ඉන්න නෙහාරා පීරිස්ගේ ආදරණීය පුංචි දෝනිට දෙවි පිහිට ප්‍රාර්ථනා කරන ගමන් ඔවුන්ට හැමදාමත් මේ වගේ ආදරෙන් සතුටින් ඉන්න වාසනාව ලැබෙන්න කියලා අපි හඳවතින්ම ප්‍රාර්ථනා කරමු. ඉතින් මේ ආදරණීය පුංචි කැදැල්ලේ අපූරු සුන්දර ඡායාරූප පෙළක් අපි අද ඔබ වෙත ගෙන ආවා.

 


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments