කළු ඉරිදා දේව මෙහෙයට කුරාණයේ පිටපත් කීපයක් රැගෙන පැමිණි කාන්තාවක කටුගස්තොට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ කටුගස්තොට සියඹලාගස්තැන්නේ රෝමානු කතෝලික දේවස්ථානයේදී පාස්කු ප්රහාරයට විරෝධය පාමින් පැවති අවස්ථාවේ.
53 හැවිරිදි මෙම කාන්තාව ඉංග්රීසි නමකින් පෙනී සිට ඇති අතර දේවස්ථානයට ඇතුළුවීමට උත්සාහ කරමින් සිටියදී සැකකළ පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුව ඇගෙන් ප්රශ්න කළ අවස්ථාවේ මෙම කාන්තාව තමාගේ සැබෑ නම හෙළිකර ඇති බවයි වාර්තා වන්නේ මෙම කාන්තාව කටුගස්තොට ප්රදේශයේ පදිංචිකාරියක වන බවයි පොලිසිය පැවසුවේ. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.