දෙදරු මවගේ හිස කඳින් වෙන් කළ ගලෙන්බිඳුණුවැව ඛේදවාචකය




නිකවැව දෙස සිට ගලෙන්බිඳුණුවැව දෙසට ගමන් කරමින් තිබූ වැන් රථයක් එහි රියදුරුට වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන මාර්ගය අසල තිබූ ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එක අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ගලෙන්බිඳුනුවැව පොලිසිය සඳහන් කළේ අනතුරට ලක් වූ වෑන් රථයේ සිටි කාන්තාවක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

ඊයේ (08) මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ මිහින්තලය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම්හලක සේවිකාවන් පිරිසක් ප්‍රවාහනය කළ වෑන් රථයක්.

අනතුරෙන් මියගොස් ඇත්තේ දුටුවැව ප්‍රදේශයේ පදිංචිව සිටි 40 හැවිරිදි දෙදරු මවක් වන අතර අනතුරෙන් කාන්තාවගේ හිස කදින් වෙන්ව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සිද්ධියට අදාළ වැන් රථයේ රියදුරු ගලෙන්බිදුණුවැව පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
3
Wow
Sad Sad
6
Sad
Angry Angry
1
Angry

Comments