පිටකොටුවෙන් හමුවූ සිරුර පිළිබඳ හෙළිවූ නවතම තොරතුර




පසුගිය මාර්තු පළමුවනදා ගමන් බෑගයක දමා වේල්ලවීදියට ගෙනවිත් දමා තිබියදී හමුවූ හිස සුන් තරුණියකගේ මළ සිරුරේ DNA සාම්පල, ඇයගේ මවගෙන් සහ සහෝදරයාගෙන් ලබාගත් DNA සාම්පල සමඟ ගැලපෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.

රජයේ අතිරේක රස පරීක්ෂක D.H.L.W. ජයමාන්න විසින් එම වාර්තාව නිකුත්කර ඇති එම වාර්තාවේ දැක්වෙන්නේ මෙම තරුණියගෙන් ලබාගත් DNA සාම්පල ඇයගේ මවගේ සහ සහෝදරයාගේ DNA සාම්පල සමඟ ගැලපෙන බවයි.

ඒ අනුව මේ වනවිට අදාල කවන්ධයේ අනන්‍යයතාව ජීව විද්‍යාත්මකව තහවුරු වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැඩිදුරටත් සඳහන් කළා.

මේ අතර තරුණියක ඝාතනය කළ උප පොලිස් පරීක්ෂකවරයා පිටෙහි එල්ලා ගෙන සිටි බවට සැක කෙරෙන බෑගය පුළුස්සා ඇති බවට අනාවරණ වී තිබෙනවා.

සිදුකරන ලද පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේදී අදාළ බෑගය පුළුස්සා ඇති බවටයි.

බෑගයට අමතරව උප පොලිස් පරීක්ෂකවරයා කොළඹ සිට නිවසට පැමිණි අවස්ථාවේ හැද සිටි ටී – ෂර්ටය ද පුළුස්සා ඇති බවට මීට පෙර අනාවරණ වී තිබුණා.

කෙසේ වෙතත්, ඝාතනය කරන ලද තරුණියගේ හිස කොටස තවමත් සොයා ගැනීමට හැකි වී නැහැ.

එමෙන්ම, ඉදිරි දින කිහිපය තුළ දී ද උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස ආසන්නයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බවයි පොලීසිය සදහන් කළේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
1
Lol
Wow Wow
2
Wow
Sad Sad
2
Sad
Angry Angry
2
Angry

Comments