කොවිඩ් සඳහා ලබාදෙන එන්නත ලබා ගැනීමෙන් පසුව වඳභාවයට පත්විය හැකි බවට පැතිර යන ප්‍රචාර අසත්‍ය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය සඳහන් කරනවා.
මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇය සඳහන් කළේ සංකුලතා ඇති වන එන්නත් කිසිම රටක ලියාපදිංචි නොකරන බවයි.
මත්පැන් පානය කිසිසේත් අනුමත නොකරන නමුත් මත්පැන් පානය කිරීම හෝ දුම්බීම නිසා කොවිඩ් එන්නතට බලපෑම් එල්ල නොවන බව ද මහාචාර්ය නිලීකා මලවිගේ මහත්මිය කියා සිටියා.