SIගෙ වත්තේ කෙසෙල් ගසක් මුල ලේ බිඳු




පෙම්වතියගේ ගෙල කපා මරා දැමූ ඇගේ පොලිස් පෙම්වතා ඇගේ හිස සහිත කොටස බෑගයක දමා බඩල්කුඹුර සිය නිවෙසට රැගෙන ගොස් ඇති බවට මතුවූ සැකයක් මත ඔහු පදිංචි නිවෙසට යාබද වත්ත සෝදිසි කිරීමේදී හමුවූ “ලේ බිඳු” මරා දැමුණු තරුණියගේ දැයි සැකකරන පොලිසිය එය තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සිදුකිරීමට පියවර ගෙන තිබෙනවා

එම ලේ බිඳු මියගිය තරුණියගේ සිරුරෙන් ලබාගෙන ඇති ලේ බිඳු සමඟ සැසඳුණොත් මියගිය පොලිස් පෙම්වතා ඇගේ හිස කොටස සිය නිවෙසට ගෙනැවිත් ඇති බවට තහවුරු වන බව වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි මහතා පවසා තිබෙනවා

ඒ මරාදැමුණු තරුණියගේ හිස කොටස මියගිය පොලිස් පරීක්ෂකවරයා විසින් බෑගයක දමාගෙන සිය නිවෙසට ගෙන ගොස් ඇති බවට ලැබුණු තොරතුරු අනුව විමර්ශනයක් ඇරැඹීම සඳහා වේල්ලවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් පේදුරුආරච්චි, ආදුරුප්පුවීදිය පොලිස් ස්ථානාධිපති අජිත් මෙත්තානන්ද, වේල්ලවීදිය අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අත්තනායක ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් බඩල්කුඹුර ප්‍රදේශයට ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ

මෙලෙස බඩල්කුඹුරට ගිය මෙම කණ්ඩායම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවෙසට හා ඔහුට අයත් වත්තද පරීක්ෂා කර තිබෙන අතර වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක පේදුරුආරච්චි මහතා සඳහන් කර තිබෙන්නේ “මේ පොලිසියේ නිලධාරියාගේ ඉඩමේ උඩ කොටස එයා පුතාට ලියලා දීල තියෙන්නේ. ඒකේ ඒ පුතා ගෙයක් හදනවා. එකම ඉඩම වුණත් දෙන්නගේ ඉඩම වෙන්වෙන්න වැටක් ගහලා තියෙනවා. ඒ වෙන්වෙන තැනක තියෙනවා කෙසෙල් පඳුරු. ඒ පඳුරේ තියෙන එක කෙසෙල් ගහක් යට පරණ පොල්අතු වගයක් දමලා තියෙනවා. ඒවායේ එක් පොල් අත්තක මුල කොටසේ ලේ බිඳු හය හතක් තියෙනවා. එතැන ලේ තියෙන්න විදියක් නැහැ. අපි තවදුරටත් ස්ථානය නිරීක්ෂණය කරද්දී පෙනුණා ලේ තියෙන තැන තණකොළ තැළිලා වගේත් තියෙනවා. අපි හිතන්නේ එතැන බර දෙයක් තියලා තියෙනවා. සමහරවිට කෙල්ලගේ ඔළුව දාගෙන ආව බෑග් එක එතැන තියලා පස්සේ අරගෙන ගියාද දන්නේ නැහැ. ඒ හින්දා අපි ලේ බිඳු ඩී.එන්.ඒ. එකකට දානවා ඒක අර ගැහැනු ළමයාගේද කියා ස්ථීරවම දැනගන්න.” යනුවෙන් පවසා තිබෙනවා

ඔහු තවදුරටත් කියා සිටියේ මියගිය උප පොලිස් පරීක්ෂකවරයා තරුණියගේ ගෙල සහිත කොටස බිරියට පෙන්වීමට හෝ සැඟවීමට හෝ සිය නිවෙසට ගෙන ආවේද යැයි දැන ගැනීමට ඔහුගේ බිරියගෙන් හා පුතාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමට කටයුතු කරන බවයි .

මේ අතර තම පෙම්වතිය හිසසුන් මළකඳ වේල්ලවීදියේ තබා මොණරාගල බලා යන බසයක ගොස් බුත්තලින් බැසගත් මෙම උප පොලිස් පරීක්ෂකවරයා සිය නිවෙසට පැමිණ ඇත්තේ ඥාති තරුණයකු සමඟින් . ඒ ඔහුගේ යතුරුපැදියේ නැඟගෙනය. නිලධාරීන් ඔහු ඇතුළු තවත් කිහිප දෙනකුගෙන්ද ප්‍රශ්න කළේය. ඒත් තවමත් හිස සොයා ගැනීමට හැකිවී නැති බවයි වාර්තා වන්නේ


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
3
Sad
Angry Angry
1
Angry

Comments