හංවැල්ලේ ඝාතනයට දින 6යි – SIගේ අල්ලපු වත්තෙන් හෝඩුවාවක් – VIDEO


2 shares


කොළඹ – වේල්ලවීදිය ප්‍රදේශයෙන් හිස නැති කාන්තා මළ සිරුරක් හමුවීමේ සිද්ධිය සම්බන්ධ විමර්ශන නව මානයකට යොමු කරමින් සැකකාර උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසට යාබද නිවසේ ගෙවත්තේ තිබී ලේ පැල්ලම්වලට සමාන පැල්ලම් කිහිපයක් සොයා ගැනීමට පොලිසිය අද සමත්වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් නිල සුනඛයින්ද යොදා ගැනීමටයි පොලිසිය කටයුතු කළේ.

වේල්ල වීදිය ප්‍රදේශයෙන් හිස නැති කාන්තා මළ සුරුරක් හමුවී අදට දින 6ක් ගතවී ඇතත් අදාළ හිස තවමත් සොයාගන්නට හැකිවී නැහැ.

කොළඹ – වේල්ල වීදිය ප්‍රදේශයේදී ගමන් මල්ලක බහා තිබූ කාන්තා මළ සිරුරක් හමුවුණේ පසුගිය පළමු වැනිදායි.

අදාළ මළ සිරුරේ හිස අතුරුදන්ව තිබූ අතර මෙම ඝාතනය සිදු කර ඇත්තේ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි උප පොලිස් පරීක්ෂකවරයෙකු බවට පසුව අනාවරණ වුණා.

ඔහු ද ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී හමුවු‍ණේ ඔහුගේ ඔහුගේ නිවසට කිලෝමිටරයක් පමණ දුරින් පිහිටි රබර් වත්තක දී.

ඒ අනුව ඝාතානයට ලක් වූ කාන්තාවයේ හිස සොයා විමර්ශන ආරම්භ කළ පොලිසිය උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවස හා අවට ද පරීක්ෂා කළා.

සැකකරු ගෙළ වැළලාගෙන සිටි රබර්වත්ත ද පොලිසියේ සහ ප්‍රදේශවාසීන්ගේ පරීක්ෂාවන්ට ලක් කෙරුණත් කිසිදු හෝඩුවාවක් මෙතෙක් හමු වී නැහැ.
කෙසේ වෙතත් එහිදී ද අදාළ හිස සොයා ගැනීමට හැකිවුණේ නැහැ.

එම ප්‍රදේශයේ විමර්ශන කටයුතු සඳහා කොළඹ වේල්ල වීදිය සහ ආදුරුප්පු වීදිය පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළු පොලිස් නිලධාරීන් 8 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් අද සැකකරුගේ නිවස අවට විමර්ශන කටයුතු ආරම්භ කළා.

එහිදී සැකකරුගේ නිවසට යාබද නිවසේ ගෙවත්තේ ස්ථානයක තිබී ලේ පැල්ලම්වලට සමාන පැල්ලම් කිහිපයක් හඳුනාගැනීමට සමත් වුණා.

ඒ අනුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා පොලිස් නිල සුනඛයින්ගේ සහය ලබා ගත්තා.

මේ අතර ඝාතනයට ලක්වූ තරුණිය සහ සැකකාර උප පොලිස් පරීක්ෂකවරයා රැඳී සිටි ලැගුම්හල පිහිටි හංවැල්ල ප්‍රදේශයේ තිබී පසුගියදා හමු වූ කාන්තා ඇඳුම් සහිත බෑගය ඝාතනයට ලක්වූ තරුණියගේ බවට ඇගේ සොහොයුරා විසින් හඳුනාගෙන තිබෙනවා.

ඔවුන් සිටි ලැගුම්හල කැළණි ගඟට ආසන්නව පිහිටා තිබීම හේතුවෙන් කාන්තාවගේ හිස සොයා කැළණි ගං ඉවුර පරීක්ෂා කිරීම ද පසුගිය දින දෙකේදී සිදු වුණා.

නමුත් මෙතෙක් එම කාන්තාවගේ හිස සොයා ගැනීමට හැකියාව ලැබුණේ නැහැ.

කාන්තාවගේ හිස අතුරුදන් වීම සම්බන්ධයෙන් තවමත් සමාජයේ පවතින්නේ අභිරහසක්.

ඝාතනයක් සිදු කළ පුද්ගලයෙක් මෙලෙස අදාළ මළ සිරුරේ හිස අතුරුදන් කිරීමට යම් විශේෂ හේතුවක් තිබිය හැකිද?


Like it? Share with your friends!

2 shares

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
2
Sad
Angry Angry
0
Angry

Comments