මාවක් ඔයේ තිබී යතුරු පැදියක ගැටගසන ලද පුද්ගල ඇටසැකිල්ලක සුලමුල සොයා ගැනේ


6 shares


හොරණ මාවක් ඔයේ තිබී යතුරු පැදියක ගැටගසන ලද පුද්ගල ඇටසැකිල්ලක් සොයා ගැනීමෙහි සිද්ධියෙහි සුල මුල අනාවරණය කර ගෙන තිබෙනවා. ඒ, හොරණ  මුලස්ථාන පොලිසිය සිදු කළ විමර්ෂණයකට අනුවයි.

මෙම ඇටසැකිල්ල සොයා ගත්තේ ඉකුත් පෙබරවාරී මස 11වනදායි. පසුව ඒ සම්බන්ධයෙන් කළ විමර්ෂණයෙදී අනාවරණය වී ඇත්තේ මෙය ඝාතනයක් බවයි. ඝාතනයට ලක්ව ඇත්තේ අංගොඩ ලොක්කා නම් කුප්‍රකට පතාල කල්ලි සමාජිකයාගේ ගෝලයෙකු බවයි අනාවරණ  වී ඇත්තේ.

ඔහු යුද හමුදාවේ මූලික පුහුණුව ලැබූ අයෙක්. ඝාතනයේ ප්‍රධාන සැකකරු මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු යුද හමුදා කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල්වරයෙක්. ඔවුන් දෙදෙනා කලක් තිස්සේ මිතුරුකමක් පවත්වාගෙන ගොස් ඇති අතර ඝාතනයට ලක් වූ පුද්ගලයා, ඝාතනය සිදු කළ පුද්ගලයාගේ නිවසටද ආගිය අයෙකු බවයි අනාවරණ වී ඇත්තේ.

පසුව ඔහු ප්‍රධාන සැකකරුගේ බිරිදට අනියම් ඇසුරක් සඳහා වරින් වර විවිධ යෝජනා කර ඇති බවත් ඒ ඔස්සේ හට ගැණුනු ආරවුලක් මත මෙම ඝාතනය සිදුව ඇති බවත් පොලිසිය පවසනවා. මෙම ඝාතනයට සහය ලබා දුන් ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචි යුද හමුදාවේ මූලික පුහුණුව ලැබූ දැනට කරනවෑමියෙකු ලෙස සේවය කරන අයෙකුද අත්අඩංගුවට ගෙන ඇති බවයි ප්‍රකාශ කෙරුණේ.


Like it? Share with your friends!

6 shares

What's Your Reaction?

Love Love
11
Love
Lol Lol
68
Lol
Wow Wow
25
Wow
Sad Sad
34
Sad
Angry Angry
44
Angry

Comments