ඝාතනය වූ තරුණියගේ හිස සොයන්න කොළඹින් බුත්තලට ගිය කණ්ඩායම පරීක්ෂණ අරඹයි


3 shares


වේල්ලවීදියේ බෑගයකින් හමුවූ තරුණියගේ මළ සිරුරේ, හිස කොටස සොයා සිදු කරන විමර්ශණ තවදුරටත් පුලුල් කර තිබෙනවා.

අදාල විමර්ශණයන්ට සහය දැක්වීම සදහා කොළඹින් පිටත්ව ගිය විශේෂ පොලිස් කණ්ඩායම අද (06) සිය පරීක්ෂණ ආරම්භ කිරීමට නියමිතයි.

අට දෙනෙකුගෙන් සමන්විත එම පරීක්ෂණ කණ්ඩායමට වේල්ලවීදිය හා ආදුරුප්පු වීදිය යන පොලීසිවල ස්ථානාධිපතිවරුන්ද ඇතුළත්.

පොලීසිය සඳහන් කළේ අදාල තරුණියගේ හිස කොටස සොයාගන්නා තුරු මෙම සිද්ධිය පිළිබදව විමර්ශණ අවසන් කළ නොහැකි බවයි.

මීට අමතරව ඊයේ කැළණි ගං ඉවුර දෙපසද සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරුණේ සැකකාර දිවි නසා ගත් උප පොලිස් පරීක්ෂකවරයා සහ ඝාතනයට ලක්වූ තරුණිය හංවැල්ල ප්‍රදේශයේ ලැඟුම්හලක නවාතැන් ගෙන තිබූ බවට අනාවරණ වීමත් සමඟයි.

එහෙත් අදාල සෝදිසි මෙහෙයුමේදීද තරුණියගේ හිස කොටස සොයා ගැනීමට හැකි වූයේ නැහැ.

මේ අතර, අදාළ උප පොලිස් පරීක්ෂකවරයා කරේ එල්ලා ගත් බෑගයක් රැගෙනවිත් ඇති බවට අනාවරණ වී ඇති කරුණු අනුව ඝාතනයට ලක්වූ තරුණියගේ හිස එම බෑගයේ දමාගෙන පැමිණ ඇති බවට ද සැක කෙරෙනවා.

ඒ අනුව එම සැකය මත ඝාතකයාගේ නිවස හා ඒ අවට විශේෂ සෝදිසියක් ඊයේ (05) ක්‍රියාත්මක කෙරුණා.

එහිදී සැකකරුගේ නිවස ආසන්නයේ පිහිටි ළිඳේ ජලය ඉවත් කර එය විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමටද පොලීසිය කටයුතු කළා.

ඊට පෙර විශේෂ කැමරාවක් ළිඳ තුලට යොමුකර හිස කොටස එහි තිබේදැයි පරීක්ෂා කළා.

එහෙත් එම කිසිදු පරික්ෂාවකදී අදාල තරුණියගේ හිස කොටස සොයා ගැනීමට හැකිවූයේ නැහැ.


Like it? Share with your friends!

3 shares

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
3
Lol
Wow Wow
2
Wow
Sad Sad
8
Sad
Angry Angry
2
Angry

Comments