තරුණියගේ හිස සොයා යාමේදී තවත් තොරතුරු රැසක්


34 shares


ට්‍රාවලින් බෑගයක හිස නොමැති මළ කඳ හමුවිමත් සමග එම තැනැත්තිය සහ එම මරණය සිදුකල තැනැත්තාත් මේවන විට සොයාගෙන තිබෙනව.මේ වන විට මෙම මරණය පිලිබද බොහෝ දෙනා කථාබහට ලක්වුණා. මෙම ඝාතනය සිදුකල උප පොලිස් පරීක්ෂකවරයා එය සිදු කළ ආකාරය පිලිබද එම තැනැත්තා නවාතැන් ගෙන සිටි කාමරයේදී පරික්ෂ ආරම්භ කළා. ඔහු නැවතී සිටි හෝටලය මේ වන විට වසා දමා ඇති අතර එම ස්ථානීය නඩු සාක්ෂි ලබාගැනීම කණ්ඩායම් කිහිපයක් මගින් සිදු කරනු ලබනවා.

මේහිදී පොලිස් සොකෝ නිලධාරින් ඔහු සිටි හෝටලයේ කාමරය විශේෂ පරික්ෂාවට ලක් කර ඇති අතර වැසිකිළි පෝච්චියේ වතුර බැසයන ස්ථානයක වොෂ් බේසින් එක හා කොමඩ් හැඩලයේ ලේ තිබී හමු වූ බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පැවැසීය. මෙම තැනැත්තියට දරුණු පහර දීමකින් පසු සිහිසුන් වු පසු හිස කඳින් වෙන්කිරිමේදි පිටව යන රුධිරය වැසිකිළි වළ තුළට යන සේ තබා ඇතැයි පොලිසිය පවසනවා. මෙම තරුණියගේ උරහිසේ ඇති තැලුම් තුවාලය මත ඇය පහරකෑමට ලක්ව ඇතැයි මේ සිද්ධියේදී පොලිසිය සැක කරයි.

ඝාතනය සිදුකල පුද්ගලයා 1 වැනිදා උදෑසන 9.00ට පමණ හංවැල්ල නගරයේ වූ අලෙවිසලකින් රු.6250ක් දී ට්‍රැවලින් බෑගයක් රැගෙන. ගෙල කැපීමට සදහා පිහියද හංවැල්ල නගරයේ පිහි විකුණන ස්ථානයකින් මිලදී ගෙන තිබේ. තවද ඔහු හංවැල්ල නගරයෙන් කඹයක් මිලදී ගැනීමටද සොයා ඇති නමුත් මිලට ගැනීමක් කර නැති බවද පරීක්ෂණවලදී හෙළි වී තිබේ. බෑගයට සිරුර දමාගත් පසු ඔහුගේ කරේ එල්ලාගෙන ගිය බෑගයේ හිස රැගෙන යන්නට පොලිසිය සැක පල කරයි. වේවැල්වීදියේ තරුණියගේ සිරුර සහිත බෑගය දමා යද්දිත් ඔහුගේ පිටේ වූ බෑගය තිබී ඇත.බිරිදගෙන් ප්‍රශ්ණ කිරිමේදි මොහු එදින බඩල්ක්‍රඹුර නවසට යද්දී ඔහුගේ කරේ බෑගයක් නොතිබුණු බවයි හෙළි වී තිබෙන්නේ. මෙයින් පොලිසිය සැක කරන්නේ මොහු අතරමගදී බෑගය විසිකර ඇති බවයි.මේ පිලිබද පොලිස් කණ්ඩායම් කිහිපයක් පරික්ෂණ පවත්වයි.


Like it? Share with your friends!

34 shares

What's Your Reaction?

Love Love
22
Love
Lol Lol
34
Lol
Wow Wow
45
Wow
Sad Sad
99
Sad
Angry Angry
180
Angry

Comments