තරුණිය ඝාතනයේ තොරතුරු හෙළිවේ


5 shares


බුත්තල පොලිසියේ උප පොලිස් පරික්‍ෂකවරයා විසින් තිස් හැවිරිදි වියේ පසුවූ තම පෙම්වතිය ඝාතනය කර ඇත්තේ තමන් විවාහ කර ගන්නා ලෙස ඇය කළ ඉල්ලීම නිසා ඇතිවූ ආරවුලක් දුරදිග යෑමෙන් පසුව බව පොලිසිය කළ විමර්ශනවලින් අනාවරණය වී ඇත.

ලීනියාකුමාර දුලනිගේ දිලිණි යසෝධා ජයසූරිය මැණිකේ නැමැති 30 හැවිරිදි තරුණිය ඝාතනය කර ගෙල කපා වෙන් කර ඇගේ සිරුර ගමන් බෑගයක බහා වේල්ලවීදිය ප‍්‍රදේශයට ගෙනැවිත් දැමූ සැකකාර උප පොලිස් පරික්‍ෂකවරයා වස පානය කර ගෙලවැලලාගෙන සියදිවි හානි කරගෙන තිබූ අතර ඔහුගේ සිරුර බඩල්ගම ප‍්‍රදේශයේ කැලෑවක තිබී පොලිසිය ඊයේ (03 වැනිදා) උදෑසන සොයා ගන්නා ලදී.

මෙම ඝාතනය සිදු කළ බව කියන 52 හැවිරිදි අධිකාරි මුදියන්සේලාගේ පේ‍්‍රමසිරි නැමැත්තා සියදිවි හානිකර ගැනීමට පෙර සිය නීත්‍යනුකූල බිරිඳ වෙත ලියූ ලිපියක් පොලිසිය විසින් සොයාගෙන තිබූ අතර එහි වැදගත් තොරතුරු රැුසක් තිබී ඇත.

සැකකාර උප පොලිස් පරික්‍ෂක පේ‍්‍රමසිරි විසින් ලියූ ලිපියේ මෙසේ සඳහන් වී තිබේ.

අම්මාට (බිරිඳ)

මට සමාවෙන්න. මගේ ජීවිතේ පණ මගේ පවුල. මොන විදිහෙ වැඩ කළත් මම එක දුන්නේ පවුලට. එය එසේ වෙද්දි SI අංකල් SI අංකල් කිය කියා මගේ මිතුරෙකුගේ දියණියක් මට ළං වුණා. එයා දැන ගත්තා මං මගේ ළමයින්ට කොච්චර ආදරේද කියලා.

මුලදි ලොකුවට නොවුනට පසුව ඒ ළමයාටත් මගේ දරුවකුට වගේම සලකන්න කීවා. ඒක එහෙම කරන්න මට බෑ. කියපු හැම දේම කරපු ඉල්ලපු හැම දේම දුන්නා. පසුව ඔයාටයි ළමයින්ටයි එක්ක බණින්න ගත්තා. මට එපා වුණා. නවත්තමු මේ සම්බන්ධය කීවා. එහෙම බෑ කියලා නොයෙක්දේ කළා. ඒක ඔයා දන්නවා.

ඔයාගේ තරහා කේන්තිය ගෑනියක් හැටියට සාධාරණයි. ඒත් දැන් මං නීතියෙන් වරදකාරයෙක් වෙලා.

කවරුත් නොදන්නා තැනකට ගිහින් මේ දේ කරගන්න තිබ්බා. එහෙම උනොත් මාව සොයාගන්නකන් ඔයාලට පොලිසිය වධ දෙයි. ඒ නිසා මම පොලිසියට පේන්න කර ගන්නවා එතකොට ඔයාලට වධ දෙන්නේ නැහැ.

අවනම්බුවක් වෙයි ඉවසලා වැඩ කරන්න. මම දන්නවා ඔයා ශක්තිවන්ත ගැහැනියක් කියලා. මම දන්නේ නැහැ ලෝකෙ ගැන නොදන්නවා නෙවෙයි මම මේවට පැටලූණේ. ඒත් දැන් ඉතිරිවෙලා නැහැ කිසි දෙයක්. ඔයා විඳපු වේදනා මම ජීවිතෙන්ම විඳිනවා. ඒක මගේ වරද. මම නැති වුණාට ඔයාල බලා ගන්න කෙනෙක් ඇති. අවුරුදු ගානක් හිරබත් කරන්න වෙයි මට. ප්ලෑන් කරලා කරපු දෙයක් නොවෙයි.

ඇත්තෙන්ම එහෙම නොවෙන්න තිබුණා නම් හොඳයි කියලා හිතෙනවා. මගේ ළමයි තුන්දෙනා එක්ක සතුටින් ඉන්න. ටික කලක් යනකොට දුක ඇරිලා යැයි. ලෝකෙ ඇති වෙනවා, පවතිනවා. නැති වෙනවා, ඒක ලෝක ධර්මය. දැනටමත් මාව CID එකෙන් හොයනවා. පොලිසියෙන් ආවොත් ඇත්ත තත්ත්වය කියන්න. කාලයක් තිස්සේ උනදේ ආදරේ කිය කිය ඉඳලා වෛර කළා. මට සමාවෙන්න තෙරුවන් සරණයි. මං දුර ගමනක් යනවා. බුදු සරණයි. කතරගම දෙවියන්ගේ පිහිටයි. මොන තරම් නින්දා අපහාස ආවත් මහමෙර වගේ උහුලගෙන දරුවෝ එක්ක ඉන්න.

මේක කාටවත් පෙන්වන්න එපා. අම්මගෙ තුන්මාසෙ දානෙ කරන්න. මට එන්න බැරි වෙයි.

මීට පේ‍්‍රම්

සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයා සිය දිවි හානිකර ගැනීමට පෙර ලියූ මෙම ලිපිය සිය බිරිඳ වෙත ලැබෙන්න සලස්වා තිබියදී පොලීසිය විසින් සොයා ගෙන ඇත.

මේ අතර සැකකරු අතින් ඝාතනයට ලක්වූ තරුණියගේ සිරුරේ හිස කොටස ඊයේ වනතුරුත් සොයා ගැනීමට නොහැකි වූ බව පොලිසිය පවසයි.

පොලිස් විමර්ශනවලින් හෙළිවී ඇති අන්දමට සැකකාර උප පොලිස් පරික්‍ෂකවරයාට මෙම තරුණිය මුණගැසී ඇත්තේ ඔහු රත්නපුර පාර්ලිමේන්තු මන්ත‍්‍රී හේෂා විතාන මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස කටයුතු කරමින් සිටියදීය.

හේෂා විතාන මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස රාජකාරි කිරීමට පෙර ඔහු හරීන් ප‍්‍රනාන්දු මහතාගේ ආරක්‍ෂක නිලධාරියා ලෙස ද කටයුතු කර ඇත.

සැරයන් තනතුරේ සිට උප පොලිස් පරීක්‍ෂක තනතුරට උසස්වීමෙන් පසු සැකකරු ඇමැති ආරක්‍ෂක අංශයෙන් ඉවත් වී බුත්තල පොලිසිය වෙත මාරුවීමක් ලබාගෙන ගොස් ඇත.

මෙම තරුණිය සමග පැවති සම්බන්ධතාව පිළිබඳව සැකකරුගේ බිරිඳ දැන සිට ඇති අතර ඔවුන් අතර මේ සම්බන්ධයෙන් නිතර ගැටුම් ඇතිවී තිබිණි.

දරුවන් සහ බිරිඳ අතහැර තමා සම`ග විවාහ වන ලෙස තිස් හැවිරිදි පෙම්වතිය නිතර නිතර සැකකාර උප පොලිස් පරීක්‍ෂකවරයාට බලපෑම් කිරීම නිසා ඔවුන් අතරද නිතර ආරවුල් ඇතිවී තිබූ බව විමර්ශනවලින් හෙළි වී ඇත.

සැකකාර පේ‍්‍රමසිරි සහ පෙම්වතිය හංවැල්ල ප‍්‍රදේශයේ නවාතැන් පොළකට ගොස් සිටියදී මෙම විවාහය පිළිබඳ ආරවුල නැවතත් හටගන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

එහිදී සැකකරු මෙම තරුණිය ඝාතනය කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි. ඔවුන් දෙදෙනා ලැගුම් ගෙන සිටි නවාතැන් පොලේ කාමරය සෝදා පවිත‍්‍ර කර ඇති බව විමර්ශනවලින් හෙළිවී ඇත. සැකකරු තරුණිය ඝාතනය කර ඇගේ හිස කඳෙන් වෙන් කර ගමන් බෑගයක අසුරා ඇත්තේ මෙම කාමරයේදී බව විමර්ශනවලින් හෙළිවී තිබේ.

පොලිසිය සැක පහළ කරන්නේ සැකකරු තරුණියගේ ගෙල සිරකර ඝතනය කර පසුව පිහියකින් ඇගේ ගෙල කඳෙන් වෙන් කර ඇති බවටය.

සැකකරු තරුණිය මරාදමා ඇගේ සිරුර නවාතැන් පොලේ කාමරයේ තබා පසුව හංවැල්ල නගරයට ගොස් විශාල ගමන් බෑගයක් සහ ඇගේ හිස කඳෙන් වෙන් කිරීමට තියුණු පිහියක් මිලදී ගෙන ඇත.

සැකකරු හංවැල්ල නගරයේ වෙළෙඳසැලකින් බෑගයක් සහ පිහියක් මිලදී ගන්නා සී සී ටීවී දර්ශන පොලිසිය විසින් ඊයේ සොයා ගෙන තිබිණි.

තරුණිය ඝාතනය කිරීමෙන් පසු සැකකරු කාමරයේ තිබූ රුධිරය සෝදා පවිත‍්‍ර කරන්නට ඇති බවට පොලිසිය කළ විමර්ශනවලින් හෙළි විය.

තරුණිය ඝාතනය කළ කාමරයේ තිබී කාන්තා කෙස්ගස් සහ රුධිරය පැල්ලම් කීපයක් පොලිසිය විසින් සොයාගෙන ඇත.

පසුව මෙම තරුණියගේ හිස සුන් කවන්ද කොටස සහිත බෑගය රැුගත් සැකකරු බස් රථයකින් කොළඹට පැමිණ බඩල්කුඹුර ප‍්‍රදේශයට රැුගෙන යාමට සැලසුම් කරන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි. එහෙත් ඇගේ කවන්දය සහිත බෑගය දුරබැහැර ප‍්‍රදේශයකට රැුගෙන යෑම අපහසු නිසා එය වේල්ලවීදිය ප‍්‍රදේශයේ අතහැර දමා යන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

සැකකරු කොළඹට පැමිණෙන අවස්ථාවේ ඔහුගේ කරේ විශාල ගමන් බෑගයක් තිබූ අතර තරුණියගේ හිස එම බෑගයේ තිබෙන්නට ඇති බවටද පොලිසිය සැක කරයි.

සැකකරු තම නිවස බලායන අතරතුර කිසියම් ස්ථානයකට එම හිස කොටස විසිකර දමන්නට ඇති බවටද පොලිසිය විශ්වාස කරයි.

ඝාතනයට ලක්වූ තරුණියගේ හිස කොටස සොයා පොලිස් කණ්ඩායම් කීපයක් විමර්ශන පවත්වාගෙන යන අතර ඊයේ වනතුරුත් ඒ සම්බන්ධයෙන් කිසිම තොරතුරක් ලැබී නොතිබිණි.

සැකකාර උප පොලිස් පරික්‍ෂකවරයා බඩල්කුඹුර නගරය වෙත ගොස් වෙළෙඳසල් කීපයකින් වස කුප්පි මිලදී ගැනීමට උත්සාහ කර ඇති බව විමර්ශනවලින් හෙළි විය. සැකකරු වස කුප්පියක් සහ දරුවන්ට අයිස්ක‍්‍රීම් රැුගෙන නිවසට ගොස් ඇති අතර සිය බිරිඳට අවසන්වරට ලිපියක් ලියා ඇත්තේ එ අවස්ථාවේදීය.

පොලිසිය මෙම ඝාතකයා සොයා විමර්ශන පවත්වා හංවැල්ල ප‍්‍රදේශයේ නවාතැන්පොළ සොයා ගෙන තිබුණේ සී සී ටී වී දර්ශන ඔස්සේ කළ පරීක්‍ෂණවලදීය.

එම නවාතැන්පොළ වෙත උප පොලිස් පරික්‍ෂකවරයා සහ පෙම්වතිය සියලූ තොරතුරු ලබා දී තිබූ අතර ඒ ඔස්සේ පොලිසිය බඩල්කුඹුර ප‍්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවස සොයාගෙන තිබිණි.

පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවස වටලා පරික්‍ෂා කරද්දී ඔහු ඉතාම සූක්ෂ්ම ලෙස පොලිස් නිලධාරීන්ගෙන් මිදී කැලෑවට පැන ගොස් ඇත.

පොලිසිය සැක පහළ කරන්නේ සැකකරු වස පානය කර ගෙලවැලලාගෙන සිය දිවි හානි කරගෙන ඇත්තේ පෙරේදා (02 වැනිදා) රාත‍්‍රි කාලයේදී බවය.

සැකකරු ඇඳ සිටි ටී ෂර්ට් එක ඉන වටා දවටාගෙන ඔහුගේ කලිසමෙන් රබර් ගසක එල්ලී සියදිවි හානි කරගෙන සිටි බව පොලිසිය පවසයි.

මෙම ඝාතනය සිදුවී පැය 24ක් ගතවීමට පෙර ඊට සම්බන්ධ සැකකරු පිළිබඳ සියලූ විස්තර සහ ඝාතනයට ලක්වූ තරුණිය පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමට පොලිසිය සමත් වීම විශේෂත්වයකි.

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්, කොළඹ මධ්‍යම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත චන්ද්‍රසේකර, නුගේගොඩ කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුවන් අසංක මහත්වරුන්ගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් තුනක් විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු


Like it? Share with your friends!

5 shares

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
1
Lol
Wow Wow
1
Wow
Sad Sad
8
Sad
Angry Angry
10
Angry

Comments