තරුණියක් ඝාතනය කර කොළඹ වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දමා සිය දිවි හානි කරගත් බුත්තල පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයා මිය යාමට පෙර සිය බිරිඳට ලියූ ලිපියක් පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
කෙසේ වෙතත් ඝාතනයට ලක් වූ තරුණියගේ හිස කොටස මෙතෙක් හමුවී නැහැ.
පසුගිය සඳුදා වේල්ලවීදිය ප්‍රදේශයේ ගමන් මල්ලක තිබී හමුවූ හිස නොමැති මළ සිරුර කුරුවිට – තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක තරුණියකගේ බවට ඊයේ හඳුනා ගැණුනා.
මෙම මළ සිරුර වේල්ලවීදිය ප්‍රදේශයට ගෙනවිත් දැමූ බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි ඒ.එම්. පේමසිරි නමැති මෙම උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශණ ක්‍රියාත්මක කළ අතර, ඒ අනුව ඔහුගේ මළ සිරුර අද උදෑසන හමුවූයේ නිවස ආසන්නයේ කැළෑබඳ ප්‍රදේශයක ගසක එල්ලෙමින් තිබියදීයි.
ඔහුගේ මළ සිරුර ආසන්නයේ වස බෝතලයක් ද තිබී සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ.
කෙසේ වෙතත් මෙම උප පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබී පොලිසිය සොයා ගත් ලිපියේ තමන් අනියම් සබඳතාවක් පැවැත්වූ බවත් ඉන් තමාට කරදර රැසකට මුහුණ දීමට සිදුවූ බවත් සඳහන් කර තිබුණා.
එමෙන්ම තමා අතින් වැරදි රැසක් සිදුවූ බවත් ඒ සියල්ල ගැන තමා කණගාටුවන බවත් බිරිඳට ලියා තිබූ ලිපියේ තවදුරටත් දැක්වෙනවා.
එම සම්පූර්ණ ලිපිය පහතින්…