සිරිපාදේ ගිහින් එනකල් අම්මා බලාගෙන ඉන්නේ.


2 shares


ඝාතනයට ලක්වු කුරුවිට, තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි තරුණිය සිරිපා වන්දනාවේ යන බව පවසමින් නිවසින් බැහැරව ගොස් ඇතැයි වාර්තා වේ.

වසර කිහිපයකට පෙර ඇය එම ප්‍රදේශයේ පෞද්ගලික ඇඟලුම් ආයතනයක සේවය කර ඇති අතර, පසුව තරුණ සේනාංක හා එක්ව ස්වෙච්ඡා කටයුතුවල නිරතව ඇතැයි ඇගේ ඥාතීන් පවසයි.

දිලිනි යශෝමා ජයසූන්දර නැමති ඇය ඝාතනයට ලක්වන විට 30 හැවිරිදි වියේ පසුවිය. දිලිනිගේ සහෝදරයා කුරුවිට ප්‍රාදේශිය සභාවේ මන්ත්‍රීවරයෙක් වේ.

දිලිනිගේ මරණය පිළිබඳ මේ වන විට එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස කම්පාවට ලක්ව ඇති අතර, දීර්ඝ කාලයක සිට අසනීප තත්ත්වයෙන් පසුවන ඇයගේ මව මේ පිළිබඳ කිසිදු තොරතුරක් නොදනී.

කුඩා කළ සිට දිලිනිව රැකබලා ගත් ඥාති කාන්තාව “අද දෙරණ“ට අදහස් දක්වමින් කියා සිටියේ මෙවැන්නකි.

“අම්මා විතරයි ඉන්නේ තාත්තා නෑ. මරණය ආරංචි වුණේ ටීවි එකෙන්. පස්සේ පොලීසියෙන් ඇවිල්ලා තිබුණා ගෙදරට. අයිය යි එයයි විතරයි ඉන්නේ. ඊට පස්සේ පුතා කොළඹ ගියා. අඳුර ගන්න පුළුවන් වෙයි ද දන්නේ නෑ හිස නෑලු. අපිට එහෙම වෙයි කියලා අපි හිතුවේ නෑ. අම්මා ලෙඩ ගානේ ඉන්නේ. අම්මට කල්පනාවක් එහෙම නෑ. සිරිපාදේ ගිහින් එනකල් අම්මා බලාගෙන ඉන්නේ. අම්මට අපි තාම කිව්වේ නෑ. මම තමයි පොඩි කාලේ ඉදලම දරුවන් දෙන්නාව හදාගත්තේ. තාත්තා නැතිවෙලා අවුරුදු 20ක් වෙනවා. “

දිලිනිගේ මව තවමත් ඇය සිරිපා වන්දනා කර නිවසට එනතුරු මඟ බලා සිටින්නේ, සියල්ලන්ගේම හදවත් කම්පා කරවමිනි.

පසුගිය මාර්තු 1 වන දින ඇයගේ සිරුර කොළඹ, වේල්ල වීදිය ප්‍රදේශයේ මාර්ගයක් අසල ට්‍රැවලින් බෑගයක දමා තිබිය දී දිලිනිගේ බවට සැක කෙරෙන මළ සිරුරක් පොලීසිය විසින් සොයාගනු ලැබීය.

ඒ අනුව පොලීසිය විසින් සිදුකළ විමර්ශනවලදී යම් පුද්ගලයෙක් හංවැල්ලේ සිට එම බෑගය රැගෙන එන අයුරු දැක්වෙන සී.සී.ටීවි දර්ශන ඔස්සේ පරීක්ෂණ පැවැත්විය.

ඒ අනුව අද උදෑසන අදාළ ඝාතනය සිදුකළ බවට සැකකෙරෙන බුත්තල පොලීසියේ උපපොලිස් පරීක්ෂකවරයාගේ ගෙල වැලලාගෙන සියදිවි හානිකර ගෙන තිබිය දී බඩල්කුඹුර ප්‍රදේශයේ ඔහුගේ නිවස ආසන්නයේ තිබී සොයා ගත්තේය.


Like it? Share with your friends!

2 shares

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
6
Sad
Angry Angry
2
Angry

Comments