වේල්ලවීදිය කැළඹු කාන්තා මළ සිරුරේ තොරතුරු හෙළිවෙයි


2 shares


කොළඹ, වේල්ල වීදියේ දී හමුවූ ගමන් මල්ලක දමන ලද හිස නොමැති කාන්තා මළ සිරුර අදාළ පුද්ගලයා විසින් 143 මාර්ග අංකය ඔස්සේ ධාවනය වන හංවැල්ල – පිටකොටුව බස් රථයක රැගෙන පැමිණ ඇති බව අනාවරණය වුණා.

පුද්ගලයා පැමිණි බස් රථයේ රියැදුරුගෙන් සහ කොන්දොස්තරගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇති අතර අදාළ පුද්ගලයා ගමන් මල්ල ද රැගෙන හංවැල්ල ප්‍රදේශයෙන් බස් රථයට ගොඩ වුණු බව ඔවුන් ලබා දුන් ප්‍රකාශ වලින් සනාථ වී තිබෙනවා.

එම බස් රථය ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වනවා.

මළ සිරුරේ හිස එහි නොමැති වීම නිසා අනන්‍යතාව තහවුරු කර ගැනීමට අපහසු වී ඇතැයි පොලිසිය සඳහන් කළා.

කෙසේ වෙතත් ඝාතනය සිදු කළ බව පැවසෙන තරුණයාගේ හැඩරුව ඇති පුද්ගලයෙකු කාන්තාවක් සමග හංවැල්ල බස් නැවතුම්පල ආසන්නයේ පිහිටි නවාතැන්පලක පෙබරවාරි 28 වන දින පැමිණ ඇති බවට තොරතුරු වාර්තා වනවා.

අනතුරුව මාර්තු පළමුවැනිදා 11ට පමණ අදාළ පුද්ගලයා පමණක් බෑගයක් රැගෙන එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බවට වාර්තා වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරන්නේ.

ඒ අනුව සිදු කළ පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ මෙම නවාතැන්පලට පැමිණි කාන්තාව කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අවිවාහක කාන්තාවක් බවයි.

අදාළ කාන්තාව මිය ගිය කාන්තාව බවට විශ්වාස කරන බවයි පොලිසිය සඳහන් කරන්නේ.

මෙම සිද්ධියේ සැකකරු හඳුනා ගෙන තිබෙනවා.

ඔහු බුත්තල පොලිස් ස්ථානයට අනුයුක්තව සිටි නිවාඩු ලබා සිටි උප පොලිස් පරීක්ෂකවරයෙක් .

ඔහු බඩල්කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අදාළ සැකකරු මෙම කාන්තාව සමග අනියම් සම්බන්ධතාවක් පවත්වා ඇති බවද අනාවරණය වී තිබෙනවා.


Like it? Share with your friends!

2 shares

What's Your Reaction?

Love Love
2
Love
Lol Lol
1
Lol
Wow Wow
5
Wow
Sad Sad
8
Sad
Angry Angry
12
Angry

Comments