කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කො.රෝනා ආසාදිත වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ජීවිතක්ෂයට පත්ව තිබේ.
කළ විමසීමකදී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්, වෛද්‍ය සෙනාල් ප්‍රනාන්දු මහතා මේ බව පැවසීය.
මිය යන විට ඔහු 31 වන වියේ පසු විය.ඔහු රාගම ශික්ෂණ සේවය කරමින් සිටි වෛද්‍යවරයෙකි.
කො.රෝනා වෛරසය ආසාදනය වී මිය ගිය මෙරට පළමු වෛද්‍යවරයා වන්නේ වෛද්‍ය ගයාන් දන්තනාරායන මහතා ය.
කො.විඩ්-19 රෝගය වැළඳීම හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ මුල්ලේරියාව රෝහලට ය.
පසුව ඇතිවූ සංකූලතා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වූ මෙම වෛද්‍යවරයා, ගාල්ල කරාපිටිය රෝහලට රැගෙන ගොස් ‘එක්මෝ’ (ECMO) යන්ත්‍රයට සම්බන්ධ කර ඇත්තේ කො.විඩ්-19 රෝගය හේතුවෙන් හෘදය හා පෙනහලු අකර්මණ්‍ය වීමෙන් වළක්වා ගැනීම සඳහා ය.