පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21ක් ආශ්‍රිතයින් ලෙස හඳුනාගැනේ




පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතා සහ අග්‍රාමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සම්බන්ධීකරණ ලේකම් කුමාරසිරි හෙට්ටිගේ මහතාගේ සමීප ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරු 21 දෙනෙකු පමණ හඳුනාගෙන තිබේ.

පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ, රවුෆ් හකීම් මන්ත්‍රීවරයා සහ කුමාරසිරි හෙට්ටිගේ මහතා පාර්ලිමේන්තුවට පැමිණ ආපසු යන තෙක් වූ CCTV දර්ශන මඟින් එම ආශ්‍රිත මන්ත්‍රීවරු හඳුනාගෙන ඇති බවය.

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇති රවුෆ් හකීම් මන්ත්‍රීවරයා පසුගිය 05 වන දින පාර්ලිමේන්තුවට පැමිණ ඇති අතර කුමාරසිරි හෙට්ටිගේ මහතා පසුගිය 08 වන දින පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

ඔවුන් දෙදෙනාගේ සමීප ආශ්‍රිතයින් ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 21 දෙනෙකු ද සභානායක කාර්යමණ්ඩලයේ සහ පාර්ලිමේන්තු කාර්යමණ්ඩලයේ කිහිපදෙනෙකුද හඳුනාගෙන ඇති බව වේත්ත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

ඔවුන් සියලුදෙනාට ඒ පිළිබඳව දැනුම් දී ඇති අතර සෞඛ්‍ය අංශවල මැදිහත් වීමෙන් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බව වාර්තා වේ.

පාර්ලිමේන්තුව මේවන විට විෂබීජහරණය සිදුකර ඇති අතර පාර්ලිමේන්තුවේ කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යනු ලබන බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments