“බේබි ෆාම්” ක්‍රමයට බිලිඳුන් 30 දෙනෙකු විකුණු සැකකරුවෙකු අත්අඩංගුවට




අලුත උපන් බිලිඳුන් 30 දෙනෙකු විකුණු බව කියන පුද්ගලයෙකු මාතලේ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කර සිටිනවා.

අන්තර්ජාලය ඔස්සේ දැන්වීම් පළකර විවිධ අතවරයන්ට හා අසරණ භාවයට පත්වූ කාන්තාවන් සමග කිසියම් ගිවිසුමක් අත්සන් කොට මෙම සැකකරු විසින් අදාළ ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකර සිටියේ.

පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය විසින් සිදුකරනු ලැබු දීර්ඝ විමර්ශනයකින් අනතුරුව එම ජාවාරම මෙහෙයවු 47 හැවිරිදි පුද්ගලයා ඊයේ (21) රාත්‍රියේ මාතලේ, උකුවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරු සිය ජාවාරම මොරටුව ප්‍රදේශයේ ස්ථාන දෙකක දී පවත්වා ගෙන ගොස් ඇති බව පොලිසිය සිදුකළ විමර්ශන වලදී හෙළිවී ඇත.

කාන්තාවන්ගෙන් ගිවිසුම්වලට අත්සන් කොට ඔවුන්ට දරුවන් ලැබීමෙන් පසු එම දරුවන් තුන්වන පාර්ශවයකට විකුණා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

විදෙස් රටවල “බේබි ෆාම්“ යනුවෙන් මෙවැනි කුඩා දරුවන් විකිණීමේ ජාවාරම් හඳුන්වන බවත් පොලිස් හා කාන්තා කාර්යාංශයේ විමර්ශනවලින් අනතුරුව මෙයට සම්බන්ධ ගැබිනි කාන්තාවන් 12 දෙනෙක් සොයා ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ.

එම කාන්තාවන් 12 දෙනා ගෙන් 5 දෙනෙකුගේ දරුවන්විමේ වන විටත් තුන්වන පාර්ශවකට ලබා දී අතර, තවත් දරුවන් තිදෙනෙක් සමග මව්වරු සිට ඇති බවත්, තවත් ගැබිනි මව්වරුන් 12 සැකකරුගේ ආරක්ෂාව යටතේ සිට ඇති බව පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇත.

මෙලෙස මුදලට දරුවන් විකිණීම දණ්ඩ නීති සංග්‍රහය යටතේ සාපරාධි ක්‍රියාවක් බවත් සැකකරු අද දිනයේදී අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments