මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචි කෙරේ…




සියලුම ෆේස්බුක් ඇතුළු සියලු සමාජ මාධ්‍යවල සැරිසරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සමාජ මාධ්‍යයන් හරහා ඇති විෂමචාරයන් ඇතැම් වේලාවට පාලනයක් තිබිය යුතු බවට මතයක් ගොඩ නැගී ඇති බව ඊයේ (20) මහනුවරදී ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීමේදී ආමාත්‍යවරයා පවසා තිබේ.

දැනට සමාජ මාධ්‍ය සම්බන්ධයෙන් පමණක් මෙලෙස තීරණයක් ගෙන තිබෙන බවත් ඊට අදාළ සාකච්ඡා දැන් අවසන් වී ඇති බවත් කාලය එළැඹ ඇත්තේ එය ක්‍රියාත්මක කිරීමට බවත් මාධ්‍යවේදීන් කර ප්‍රශ්න කිරීම් වලදී ඒ මහතා සඳහන් කර ඇත.

පසුගිය ජනවාරි මාසය වන විට මෙරට සමාජ මාධ්‍ය භාවිත කරන්නන්ගේ සංඛ්‍යාව මිලියන 6.4 ක් පමණ වන බව සමාජ මාධ්‍යන්ට අදාළව සංඛ්‍යාලේඛන සම්පාදනය කරන Data Reportal අනුව පැහැදිලි වේ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments