හුදෙකලා කරන ලද අටළුගම නිවසක අක්කාගේ පිහි පහරින් මල්ලී මරුට !




හුදෙකලා කරන ලද බණ්ඩාරගම, අටළුගම, බමුණුමුල්ල ප්‍රදේශයේ නිවසක සහෝදරිය සිය වැඩිමහල් සහෝදරයාට ඊයේ (6) තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර ඇතැයි බණ්ඩාරගම පොලිසිය කියයි.

දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුර දිග ගොස් අනතුරුව මෙම ඝාතනය සිදුවී ඇතැයි පොලිස් නිලධාරියෙක් පවසයි.

වයස අවුරුදු 31ක විවාහක පුද්ගලයෙක් මෙලෙස ඝාතනයට ලක් වී ඇත.

පානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න මහත්වරුන්ගේ උපදෙස් මත බණ්ඩාරගම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත බුද්ධික මහතා පරීක්ෂණ පවත්වයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments