අමායා අධිකාරි කියපු ගමන්ම කාගෙත් ඔළුවට එන්නෙ වෙන කවුරුවත් නෙවෙයි අතුල අධිකාරිව. ඒකට හේතු කීපයක්ම තියෙනවා. එකක් තමයි වෙන කිසිම දෙයක් හිතන්න ඉස්සෙල්ලා අමායා අධිකාරි කියපු ගමන්ම අතුල අධිකාරිගේ නමත් කියවුනා වගේ දැනෙන එක. අනිත් හැමදේටම වඩා ලොකුම කාරණාව ඉතින් අමායා කියන්නේ අතුලගේ වයිෆ් වෙච්ච එක. කොහොමහරි ඉතින් අමායා දැන් අතුලත් එක්ක ළඟම සම්බන්ධතාවයක් නැති වුණාට සම්බන්ධතාවය නැත්තෙ නෑ. සමහරු හිතනවා වගේ ඒ දෙන්නා ඩිවෝස් වෙලත් නෑ. අතුලටයි අමායාටයි මේ වෙනකොට දුවෙකුත් ඉන්නවා. අමායා කියන විදියට තවමත් අතුල ගැන හොයා බලනවාලු. අතුලට අසනීපයක් වුණත් එයා ගැන සොයා බලන්නේ අමායලු. ඒ වගේම තමයි මාසෙකට සතියක්වත් එයා දුවව බලන්න එනවාලු.
ඉතින් මේ වන විට අමායා විවහා වී සිටින්නේ ලංකාවේ මේ වන විට ජනප්‍රිය ගායකයෙක් වන හර්ෂ දනොෂ් සමගය. අමායා මේ වන විට දරුවන් දෙදෙනෙකුගේ මවක් වනවා. සුන්දර පවුල් ජිවිතයක් ගත කරන ඔවුන් දෙදෙනා ගැන අලුත් ආරංචියක් ලැබී තිබෙනවා ඒ තමයි සුරූපී නිලි අමායා තුන් වන වරටත් මව් පදවිය ලබන්න යනවා කියලා. ඇය මේ ගැන ජායාරූපයක් මගින් අන්තර්ජාලයට එක් කර තිබුනා. ඉතින් මේ විදියට තෙවන වතාවටත් උතුම් මව් පදවිය ලබන්න සුදානම් වන අපේ ආදරණිය රංගන ශිල්පිනියට අපි තෙරුවන් සරණ ප්‍රර්ථනා කරන ගමන් උතුම් පිය පදවිය ලබන්න සුදානම් වන හර්ෂ දනොෂ් අපේ සොදුරු ගායකයාටත් උණුසුම් සුබ පැතුම් එක් කරනවා.
අමායාගෙයි හර්ෂගෙයි love story එකට දැන් අවුරුදු හතරක් පහක් වගේ වෙනවා. මේ affair එක ගැන අතුල අධිකාරි දන්නවලු. අතුල කියන්නේ ආදරය හොඳින් හඳුනන පුද්ගලයෙක් හින්දා අමායා හර්ෂ එක්ක ජීවත් වෙන එක ගැන එයාගේ අකමැත්තක් නෑලු. හොඳම කතාව කියන්නේ අතුලයි හර්ෂයි කියන්නෙත් හොඳම යාලුවොලු.
අමායා පසුගිය දිනක අතුල අධිකාරී ගැන මේ වගේ කතාවකුත් කියලා තිබුනා.. අතුල අයියා හැමදාම පවුල් ජීවිතේට වඩා එයාගේ සංගීත වැඩවලට මුල්තැන දීපු කෙනෙක්. වැඩවලට ලේසි වෙන්න කියලා තමයි ගෙදරින් ගියේ. බඳින්න කලින් නම් මාව නැතිව බැරි වුණා. හැමදාම ළඟ ඉන්නකොට අගේ අඩුවෙනවා කියලා හිතුණද දන්නේ නැහැනේ.
මම අතුල අයියට ළං වෙද්දී මට ගොඩක් ප්‍රශ්න ආවා. මගේ ගෙදරින් පවා අකැමැති වුණා. සමාජය මට නොකියපු දෙයක් නැහැ. මම මගේ තනි කැමැත්තට හැමදේම කළේ. අද මම ඉඩ දීලා තියෙන්නේ අතුල අයියගේ කැමැත්තට. එයා මගෙන් ඈත් වුණු එක ගැන මට දුකයි. ඊටත් වඩා දුකයි එයා මගේ දරුවාගෙන් ඈත් වුණු එකට. එයා මාව අතහැරලාම නැහැ. ඒ වුණත් මේ යන විදිහට මම තනිවේවී. මගේ දරුවා එක්ක. එයාට වැඩි ආසාව තියෙන්නේ තනියම ඉන්න වෙන්න ඇති. ගෙදර හිටියත් එයා තනියම ඉන්න තමයි කැමැති වුණේ. බඳින්න කලින් එයාගේ ඔය තනිවෙන පුරුද්ද ගැන මම දැනගෙන හිටියේ නැහැ. දැනගෙන හිටියා නම් බඳින්නෙත් නැහැ.