කොරෝනා නසන දේශීය ඖෂධයේ වාර්තා මෙන්න




කොරෝනා වෛරසය සුව කර පෙන්වූ එකම වෛද්‍යවරයා තමන් බව කොරෝනා වෛරසය සදහා ප්‍රතිකාර ක්‍රමයක් සොයාගත් ආයුර්වේද වෛද්‍ය ධම්මික බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් විසින් හඳුන්වා දුන් වෛද්‍ය ක්‍රමයෙන් දින 3 කින් පසු කොරෝනා ආසාදිතයන්ගේ වාර්තා සෘණාත්මක වන බවද ඔහු පවසයි.

දැනට ලෝකයේ කොරෝනා මර්ධන එකම සාර්ථක ප්‍රතිකාර ක්‍රමය මෙය බවද පැවසූ ඔහු මෙය දින දෙකක් පානය කළහොත් කිසිදිනක නැවත කොරෝනා වළදෙන්නේ නැතැයිද සඳහන් කළේය.

තමන් විසින් සකස් කරන ලද මෙය දේශීය ඖෂධයක් බවත් පවසන ඔහු මෙරට ලෙඩුන් බේරා ගැනීමට මෙය ලබාදීම සූදානම් බවත් කියා සිටියේය.

මේ සඳහා අවශ්‍ය මූලික අමුද්‍රව්‍ය ලබා ගැනීමට තමනට උදව් කරන ලෙසද ඉල්ලා සිටින ඔහු මෙම ඖෂධ වට්ටෝරුව දැන්ම හෙළි නොකරන බවද සඳහන් කරයි.

මෙම ඖෂධය පරීක්ෂණ කිරීම සඳහා උදව් කරන ලද වෛද්‍යවරුන්ගෙන් සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිදහසට කරුණු ඉල්ලමින් ලිපි ලිවීමට පටන් ගෙන ඇති බවත් ඔහු කියා සිටී.

ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමිනි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments