කොවිඩ් වසංගත තත්වය හේතුවෙන් නතර කර තිබූ සෞදි අරාබියේ රැකියා සඳහා ශ්‍රමිකයින් පිටත්කර හැරීම යලි අරඹා තිබේ.
මේ අනුව 60 දෙනෙකු ගෙන් යුත් කණ්ඩායමක් නැවත අද (27) රාත්‍රියේ දිවයිනෙන් පිටත්ව යාමට නියමිතයි. පිරිස අද කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්වයාමට නියමිත බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරනවා.
එසේම ශ්‍රමිකයන් 180දෙනෙකු දිවයිනෙන් පිටත් වීමට නියමිත අතර එහි 60 දෙනෙකු පිටත්ව යනු ලබනවා. එම පිරිස හෝටල් ක්ෂේත්රයේ රැකියා සඳහා යොමුකෙරෙන බව ද විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.