සේවිකාවකට පහර දුන් රාජ්‍ය සේවයේ ලොක්කාට වැඩ වරදී




බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ නිලධාරියෙකු, එම කාර්යාලයේ සේවිකාවකට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් අද ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ඒ, බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සාමාන්‍යාධිකාරීවරයාගේ උපදෙස් පරිදියි.

පහර දුන් නිලධාරීවරයා බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පල කාර්යාලයේ කළමානාකාරවරයෙකු බවයි වාර්තා වන්නේ. පහරකෑමට ලක්ව ඇත්තේ එහි කළමනාකාර සහකාර නිලධාරිනියක් බවට ද වාර්තා පළ වනවා.

එම පහරදීම සහ ඊට පෙර සිදුවූ බහින් බස්වීම ඇය විසින් ජංගම දුරකථනයකින් වීඩියෝ ගත කර තිබූ අතර එය ඊයේ දිනයේ සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවීමත් සමග ඒ සම්බන්ධයෙන් කථාබහක් මතුවුණා.

සිදුවීමට සම්බන්ධ වීඩියෝව පහතින් බලන්න.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments