කොරෝනා වෛරසය හේතුවෙන් රජය ෆේල් වෙනවාට තමන් කැමති නැතැයි කොළඹ නගරාධිපතිනී රෝසි සේනානායක මහත්මිය සඳහන් කරයි.
ඒ නිසා සියලු දෙනාම මැදිහත්වී වසංගතයෙන් ගොඩ ආ යුතු බවත් රජයට පමණක් වගකීම දී විවේචනය කිරීම වැරදි බවත් එය සඳහන් කරන්නීය.
කොළඹ නගර සභා සීමාවේ දැනට හුදෙකලා කර ඇති ප්රදේශ නිසි පරිදි ලොක් ඩවුන් කරන්නේ නම් දෙසැම්බර් පළමු සතිය වන විට සියලුම ප්රදේශ විවෘත කළ හැකි බවද ඇය පෙන්වා දෙයි.
මේ වන විට හුදෙකලා කරද්දි ප්රදේශවල සිටින හරහා ජනතාව රැකියාවන්ට පවා යන බවද පවසන ඇය එවන් හැඩැස් තැබිය යුතු නැතැයිද කියා සිටී.
අද වන විට කොළඹ නගර සීමාවේ ආසාදිතයක් 4836ක් හා මරණ 28ක් වාර්තා වන බවත් පවසන ඇය ජනතාවගේ ජීවිත සමග සෙල්ලම් නොකල යුතු බවද සදහන් කරයි.