කොරෝනා ආසාදිත මෘත දේහයන් සම්බන්ධයෙන් දේශපාලනිකව කල්පනා කර ඒවා භූමදානය කරන්නේ යැයි තීරණය කළහොත් එය ආණ්ඩුව වැලලීම සඳහා ගන්නා තීරණයක් වන බවද පූජ්‍ය මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ සඳහන් කරති.
ඒ ආකාරයට ආණ්ඩුව විහින් වැළලීමට තීරණය කළහොත් තමන්ට කළ හැකි දෙයක් නැතැයි ද උන්වහන්සේ පැවසූහ.
තාක්ෂණික කමිටුවක් විසින් ගන්නා ලද තීරණය තමන්ගේ දේශපාලන කාරණා වෙනුවෙන් පාලකයන් එසේ වෙනස් නොකළ යුතු බවද උන්වහන්සේ කියා සිටියහ.
කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මෙම අදහස් පල කලහ.
-lankacnews