කොරෝනාවට එරෙහිව 95%ක සාර්ථකත්වයක් පෙන්වන එන්නතක් නිපදවයි




කොවිඩ් – 19 රෝගයෙන් ආරක්ෂාවීම සඳහා ඇමෙරිකාවේදි අත්හදාබැලූ එන්නතක් සියයට 95කින් සාර්ථක බව මොඩර්නා නමැති එම සමාගම පවසයි.

එම එන්නතට අනුමැතිය ලබාගැනීම සදහා ඉදිරි සති කිහිපය තුළ දී ඉදිරිපත් කරන බව එම සමාගම විදෙස් මාධ්‍ය වෙත පවසා ඇත.

මේ අතර බෙල්ජියම් සමාගමක් වන ජැන්සන් විසින් ද එන්නතක් නිපදවා ඇත.

පර්යේෂකයන් සදහන් කරන්නේ මිනිසුන්ට වැළඳෙන සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යා වයිරසයක ජාන වෙනස් කිරීමෙන් එන්නත නිපදවූ බවයි.

බ්‍රිතාන්‍යයෙන් තෝරාගත් 6,000ක පමණ පිරිසකට එන්නත ලබාදීම දැනටමත් ආරම්භකර ඇත.

මේ සඳහා ස්වෙච්ඡාවෙන් ඉදිරිපත්වන පිරිසක් තෝරාගෙන ඇති අතර ඔවුන්ට මාස දෙකක කාලයකදී එන්නතේ මාත්‍රා දෙකක් ලබාදීම සිදුකරයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments