මෙරටින් දැනට වාර්තා වන කොරෝනා මරණ 46 අතරින් සෘජුවම Covid-19 වෛරසය හේතුවෙන් මියගොස් ඇත්තේ 5 දෙනෙකු පමණක් බව Covid-19 ව්‍යාප්තවීම වැළැක්වීමේ ජාතික ක්‍රීයාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අවධාරණය කරනවා.
සෙසු මරණ සිදුව ඇත්තේ වෙනත් නිධන්ගත රෝගී තත්වයන් උත්සන්න වීම හේතුවෙන් බවයි කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් යුද හමුදාපතිවරයා කියා සිටියේ
දීපාවලි උත්සවය සැළකිල්ලට ගෙන සති අන්තයේදී ඇදිරිනීතිය පැනවීමේ සූදානමක් තිබේ දැයි මාධ්‍යවේදියෙකු මෙහිදී විමසා සිටියා.
එවැනි කිසිදු සූදානමක් නොමැති බවයි ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ.
ඉදිරි දින 4 බස්නාහිර පළාතෙන් පිටවීමෙන් වැළකී සිටින ලෙසත් සෙසු ප්‍රදේශවල ජනතාවද හැකිතාක් සංචරණය සීමා කරන ලෙසත් යුද හමුදාපතිවරයා ඉල්ලීමක් කළා.
-newshub.lk