මුස්ලිම් අන්තවාදීන් ගමකට පැන මිනිස්සුන්ගේ හිස ගසා දාලා




මුස්ලිම් අන්තවාදීන් පිරිසක් ගම්මානයක පුද්ගලයන් 50 දෙනකුට ආසන්න පිරිසක් පාපන්දු පිටියකට රැගෙන ගොස් හිස ගසා දමා කෲර ලෙස මරණයට පත් කර ඇත. උතුරු මොසැම්බික්හි කාබෝ දෙල්ගාදෝ නැමැති ප්‍රදේශයේ ගම්මානයක පුද්ගලයන් පිරිසක් මෙලෙස ඝාතනයට ලක් කර ඇත. මෙම අන්තවාදීන් අයි.එස්. සංවිධානයට සම්බන්ධ පිරිසක් බව පැවසේ.

2017 වසරේ සිටම මෙම අන්තවාදීන් ඉහත කී ප්‍රදේශයේ මෙවැනි ක්‍රියාවල නිරත වෙමින් සිටිනමුත් ඔවුන් විසින් සිදු කරන ලද දරුණුම ක්‍රියාව මෙය බව පැවසේ. එම ප්‍රදේශයේ වැසියෝ මෙම සිදුවීමෙන් දැඩි බියට සහ කම්පනයට පත්ව සිටින අතර ඉක්මනින් මෙම ගැටුම් සමථයකට පත් කරන ලෙස ඉල්ලමින් සිටිති.

ඉහත කී කාබෝ දෙල්ගාදෝ ප්‍රදේශය ස්වාභාවික සම්පත්වලින් ගහන ප්‍රදේශයක් ලෙස සැලකේ. නමුත් එහි ජනතාවට එයින් නිසි ප්‍රතිලාභ හිමිව නැති බවට චෝදනා එල්ල වෙයි.

මෙම ප්‍රදේශය තුළ සිය බලය පිහිටුවා ගැනීම සඳහා සටන් කරන අන්තවාදීන් තම සංවිධානයට සාමාජිකයන් බඳවා ගැනීමේ දී ප්‍රදේශයේ පවතින දිළිඳු බව සහ විරැකියාව ප්‍රයෝජනයට ගන්නා බව සඳහන්ය. වසර කිහිපයක් තිස්සේ පවතින ගැටුම්වලින් මේ වනවිට 2,000කට ආසන්න පිරිසක් මියගොස් ඇති අතර ලක්‍ෂ 4කට වැඩි පිරිසකට උන්හිටි තැන් අහිමිව ගොස් තිබේ.

සහන් වික්‍රමගේ


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
1
Sad
Angry Angry
2
Angry

Comments