කවදාවත් හිස් බඩ මේ භයානක දෙවල් 9 නම් කරන්න එපා




බටහිර කියමනක් තියෙනවා, ඔබ කියන්නේ ඔබ ආහාරයට ගන්නා දේයි කියලා. ඒ කියන්නේ ඔබ ආහාරයට ගන්නා දේ අනුව ඔබේ ශරීරය සහ සම්පූර්ණ පැවැත්ම තීරණය වෙනවා කියන එකයි. සමහර වෙලාවට දේවල් කරද්දි අපි කල්පනා කරනවා “මේක හිස්බඩ කරන්න හොඳද? මේක කෑම කාලා පැය කීයකින් ද කරන්න ඕන?”කියලා. එවැනි අවස්ථා වලයට සහයක් වෙන්න අපි අද ඔබ වෙත ගෙන එන්නේ ආහාර නොගෙන හිස් බඩ නොකළ යුතු දේවල් 09 ක් පිළිබඳවයි.

01. වේදනා නාශක භාවිතය

ඇස්ප්‍රීන්, පැරසිටමෝල් ආදී වේදනා නාශක හිස්බඩ පානය කරන්න එපා.එවිට ඒවායේ ක්‍රියාකාරිත්වය නිසි ලෙස සිදුවන්නේ නෑ වගේම වඩාත් නරක දේ එය ඔබේ ශරීරයට ඉතාම හානිකර විය හැකියි. මෙයින් ආමාශයික රුධිර වහනයන් පවා ඇති විය හැකියි.

අවවාදය – ඔබ එවැනි වේදනා නාශකයක් ආහාරයක් නොගෙන භාවිතා කරනවා නම් (නොවැළැක්විය හැකි හේතුවක් නිසා) කිරි වීදුරුවක් සමඟ එය පානය කරන්න. කිරි නැතිනම් හැකිතාක් ජලය පානය කරන්න.

02. කෝපි පානය

කැෆේන් අඩංගු නොවන කෝපි පානයෙන් පවා ආමාශයේ ඇසිඩ් නිශ්පාදනය උත්තේජනය කරනවා. කෝපි පානය කරලා උදෑසන ආහාරය මගහැරීමත් ඉතමත් නරක තත්වයක්. ඒ මගින් සෙරටොනින් නිශ්පාදනය අඩාල කරලා දවස පුරාම දුක්බර අඳුරු හැඟීමකින් ඔබව තබාවී.

අවවාදය – කෝපි පානය කරන්නේ නම් එකට ක්‍රීම් හෝ කිරි එකතු කරගන්න. ශීත කළ කෝපි වෙනුවට හැකිතාක් ස්වාභාවික කෝපි තෝරාගන්න.,

03. මත්පැන් පානය කිරීම

හිස්බඩ ඇල්කොහොල් පානය කරගැනීමෙන් එය සිරුරට අවශෝෂණය කරගන්නා අනුපාතය දෙගුණයකින් ඉහළ යයි. මෙය හදවතට, අක්මාවට සහ වකුගඩු වලට ඉතා අහිතකර බලපෑම් ඇති කරයි. මේ මගින් පසු දින ඇති වන අපහසුතාවයන් ද දෙගුණ තෙගුන කරවයි.

අවවාදය – හිස්බඩ ඉන්න වෙලාවක ඇල්කොහොල්පානය ප්‍රතික්ෂේප කරන්න. ප්‍රතික්ෂේප කරන්නම අමාරු නම් කුඩා සැන්විච් එකක් වත් ආහාරයට ගන්න. බටර් හෝ කිරි ආහාර ගන්න එපා.

04. චුවින් ගම් සැපීම

චුවින් ගම් හපනකොට ආහාර ජීර්ණ අම්ල නිශ්පාදනය වෙනවා. මේවාට ආමාශයේ බිත්ති විනාශ කිරීමට හැකියි. ඒ වගේම මෙයින් ගැස්ට්‍රයිටිස් තත්වයන් ඇති වීමට ඇති හැකියාවද වැඩියි. පර්‍යේෂණ වලින් ඔප්පු කර තියෙනවා චුවින් ගම් සපන අය පළතුරු හෝ එළවළු වලට වඩා ෆ්‍රෙන්ච් ෆ්‍රයිස්, පැණි රසකෑම ආදී කඩචෝරු කන්න නැඹුරු වෙනවා වැඩී කියලා.

අවවාදය – ‌චුවින්ගම් නොකා ඉන්න උත්සහ කරන්න. කනවා නම් ස්වාභාවික පැණිරසකාරක අඩංගු ඒවා භාවිතා කරන්න. කුඩා දරුවන්ටත් චුවින්ගම් අරන් දෙන්න එපා. කෑම වේලකින් පස්සෙ වුණත් චුවින්ගම් එකක් කනවා නම් එය විනාඩි 10කට වඩා සපන්න එපා.

05. නිදාගැනීම

‌කුසගින්න සහ ග්ලූකෝස් මට්ටම අඩු වීම වරින් වර ඔබව නින්ද අතරතුර ඇහැරවමින් හොඳ නින්දක් ලබා ගැනීමෙන් ඔබව වළක්වනවා. ඒ වගේම හොඳ නින්දක් නොලැබුණාම බඩගිනි ඇති කරවන හෝමෝන නිශ්පාදනය වෙනවා වැඩි වෙනවා. රාත්‍රි ආහාරය මගහැරියොත් පසුදින උදේට ප්‍රමාණාත්මකව විශාල ආහාර වේලක් ගන්න තියෙන ඉඩකඩ වැඩියි.

අවවාදය – නින්දට පෙර විශාල ආහාරයක් ගැනීමත් ගැලපෙන්නේ නෑ. සුදුසුම දේ තමයි කිරි ආහාරයක් ගැනීම. මී පැණි එකතු කරගන්නත් පුලුවන්. කිරි වල අඩංගු මැග්නීසියම් සහ කැල්සියම් වලින් සුවබර නින්දක් ලැබෙනවා.

06. ව්‍යායාම කිරීම

හිස්බඩ ව්‍යායාම කිරීමෙන් කැලරි වැඩිපුර දහනය වෙනවා කියලා මතයක් තියෙනවා. මේක වැරදියි, කුසගින්නේ ව්‍යායාම කිරීමෙන් නැති වෙන්නේ ඔබේ බර නෙවෙයි මාංශ පේශිනුයි. ඒ වගේම ව්‍යායාම නිසි පරිදි කිරීමට අවශ්‍ය ශක්තියත් ඔබට ලැබෙන්නේ නෑ.

අවවාදය – ඔබ අනිවාර්‍යෙන් උදේ අවදි වූ ගමන් ව්‍යායාම කරනවා නම්, ඇවිදීම හෝ වෙනත් කාඩියෝ ව්‍යායාම වල නිරත වෙන්න, අමාරු ව්‍යායාම කරන්න එපා.

07. ෂොපින් කරන එක

හිස් බඩ එළියට ගියාම වැඩිපුර දේවල් කැවෙනවා වැඩියි. ෂොපින් කරන්න ගියාමත් ඔබ ඉන්නෙ කුසගින්නේ නම් ආහාර ද්‍රව්‍ය වැඩිපුර මිළදී ගන්න ඔබට හිතෙනවා. වඩාත් නරක දේ ශරීරයෙන් දෙන ‘මට කෑම ඕන” කියන පණිවිඩය ‘මට ඕන’ලෙස පරිවර්තනය වෙලා ආහාර හැර අනෙකුත් දේත් ඔබට වැඩිපුර මිලදී ගන්න හිතෙනවා.

අවවාදය – ෂොපින් කරන්න යන්න කලින් ලැයිස්තුවක් හදාගන්න. එයින් පිට පනින්න එපා. ඒ වගේම කාඩ් එකෙන් ගෙවනවා වෙනුවට සල්ලි වලින් ගෙවීමෙනුත් ඔබට වියදම් වීම අඩු කරගන්න පුලුවන්.

08. පැඟිරි යුෂ පානය කරන එක

හිස්බඩ පැඟිරි යුෂ පානය කිරීම මගින් උදරයේ දැවිල්ල ඇති කරනවා වගේම ගෑස්ට්‍රයිටිස් ප්‍රශ්න තියෙන අයට ඇති වෙන අපහසුතා වැඩි කරනවා.

අවවාදය – වැඩිපුර ජලය දාලා හිස්බඩ දෙහි යුෂ එකක් බීමෙන් ඔබේ ශරීරයට ඉතා හොඳ ප්‍රතිඵල ලැබෙනවා. ඇඹුල් කෙසෙල්, අඹ වැනි පළතුරුත් හිස්බඩ කෑම සුදුසු නෑ.

09. වාද කරන එක

‌පර්‍යේක්ෂකයන් ඔප්පු කර තිබෙනවා කුසගිනේ සිටින විට අපේ මනස ඒකාත්මික කරගන්න අපහසු බව. ඒ වෙලාවට වාද කරන්න ගියොත් ඒක විශාල රණ්ඩුවකින් කෙළවර වෙන්න තියෙන ඉඩකඩ ඉතාම වැඩියි.

‌අවවාදය – ඔබට නොකා වාදයක් කරන්නම වෙනවා නම් මොනව හරි උණුසුම් පානයක් හදලා ඒක ඔබත් ඔබේ විරුද්ධවාදියාත් දෙදෙනාම බොන ගමන් කතාව කරන්න. එයින් කතාබහ වඩාත් සෞම්‍ය වෙනවා.

‌අමතර කරුණක්, බඩගිනි වෙලාවට කරන්න හොඳ දේවල්

කන එක? බඩගින්නෙන් ගන්න පුලුවන් ඊට වඩා හොඳ ප්‍රයෝජන තිබෙනවා.

බඩගින්නේ ඉන්න කොට ගැටලු විසඳීමේ හා නිර්මාණාත්මක දේවල් කිරීමේ හැකියාව වැඩි වෙනවා. මේක තේරුම් ගන්න එක ඉතා සරලයි. මිනිසා අද ඉන්න දියුණු තත්වයට පත් වෙන්න, ඔවුන් කරපු විශිෂ්ට නිර්මාණ බොහොමයක පිටිපස්සෙ තියෙන්නෙ බඩගින්න. බඩගින්නේ ඉන්නා විට නිවැරදි තීරණ ගැනීමේ හැකියාවත් වැඩියි. බඩගින්න අපිව හැම වෙලේම ගැඹුරින් හිතන්න පොළඹවනවා. නමුත් ඉතා බරපතල තීරණ ගන්න මේ ක්‍රම භාවිතා කරන්න එපා.

– sriarana.net


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments