බොරැල්ලේ ඇතැම් ප්‍රදේශවල දී සිදු කරන ලද අහඹු කොරෝනා පරීක්ෂණවලින් ආසාදිතයන් 90% වඩා වැඩි පිරිසක් හෙළිවී ඇතැයි අරුණ පුවත්පත වාර්තා කරයි.
සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග උපුටමින් එම වාර්තාව සඳහන් කර ඇත්තේ හඳුනාගත් ආසාදිතයන් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යැවීමට කටයුතු සංවිධානය කරමින් පවතින බවයි.
එමෙන්ම එම රෝගීන් වාර්තා වන ප්‍රදේශ සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට නියමිත බවද වාර්තාවේ සඳහන්ය.
ඉතා අධික ජන ඝනත්වයක් සහිත ප්‍රදේශවල ජනතාව අතර රෝගය පැතිරීම ගැන සොයා ගැනීමට සෞඛ්‍ය අංශ විසින් මෙම අහඹු කොරෝනා පරීක්ෂණ සිදු කර ඇත.
හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් තම නිවාස තුල නිරෝධය කිරීමට කටයුතු කර තිබේ.