ඇමති ධුරයක් නොමැතිව සිටීම ඉතාම වේදනාකාරී මෙන්ම අසීරු කටයුත්තක් යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා සඳහන් කරයි.
තමන් 1994 වසරේ සිටම කැබිනට් අමාත්‍ය ධුර දැරූ බවත් ඒ සෑම ඇමති ධුරයකින්ම සුවිශේෂී වාර්තාවන් රැසක් ද තමා විසින් බිහිකර ඇති බවත් ඔහු පවසයි.
තමන් සාමාන්‍ය ඇමතිවරයකු නොවන බවද පැවසූ ඔහු තමන් දරන ලද සෑම අමාත්‍යාංශයකම නිර්මාණශීලී සහ ඵලදායී කාර්යයන් රාශියක් සිදු කර ඇති බවද ඔහු සඳහන් කරයි.
ඉදිරියේදී සිදුවන බව කියන කැබිනට් මණ්ඩල සංශෝධනය ගැන වුවද තමන්ගේ බලාපොරොත්තුවක් නැතැයි ද ඔහු කියා සිටියේය.
දිසානායක මහතා මේ වන විට නුවරඑලිය දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේ සභාපති වරයා ලෙස කටයුතු කරයි.