සෙල්ලම් බඩු ෆැක්ටරියේ 119කට කොවිඩ්




වත්තල, හැදල කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වා ගෙන යන සෙල්ලම් භාණ්ඩ කර්මාන්ත ශාලාවේ සේවක පිරිසෙන් තවත් පුද්ගලයින් 68දෙනෙකු කොරෝනා ආසාදනය වී ඇති බව අද (05) තහවුරු වි ඇත.

පසුගිය දා මෙම කර්මාන්ත ශාලාවේ පුද්ගලයින් 693දෙනෙකු පි.සි.ආර්. පරික්ෂණ සදහා යොමුකර ඇති අතර ඒවායින් දැනට ලැබී ඇති ප්‍රථිපල අනුව එම කර්මාන්ත ශාලවෙන් සමස්ත කොරෝනා ආසාදියන් ගණන 119 දක්වා ඉහළ ගොස් ඇත.

කර්මාන්ත ශාලාවේදී කොරෝනා ආසාදනයයට ලක්ව ඇති සේවක පිරිසෙන් බහුතරයක් සේවිකාවන් බව අනාවරණය වී ඇත.

තවත් 400 කට ආසන්න පිරිසකගේ පී.සී.ආර් වාර්තා ලැබීමට නියමිත අතර අද(06) වන විට වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා ආසාදිතයන් 500 ඉකමවා ගොස් පුද්ලයින් 1500 වැඩි පිරිසක් ස්වයං නිරෝධායනය සදහා යොමුකර ඇති බව වත්තල පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක වරුන අමරසේකර මහතා පවසයි.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments