බණ්ඩාරවෙල නිරෝධායනය කළ ටෙලි නාට්‍ය කණ්ඩායම ගෙවල් වලට ගිහින්




බණ්ඩාරවෙල රූගත කිරීමකට ගොස් සිටියදී නිරෝධායනයට ලක්කල ටෙලිනාට්‍ය කණ්ඩායම දින 6කට පසු එම ස්ථානයෙන් පිටව ගොස් ඇති බව බණ්ඩාරවෙල මහජන සෞඛ්‍ය නිලධාරී රන්ජිත් දිසානායක මහතා කියයි.

මේ පිළිබඳ බණ්ඩරවෙල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) වෛද්‍ය ලක්නාත් වීරසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු මේ බව තහවුරු කළේය.

පසුගිය 4 වැනිදා පැවැති කොවිඩ් 19 නිවාරණය පිළිබද පළාත් කමිටු රැස්වීමේදී මෙම කණ්ඩායමේ ගැටලුව සාකච්ඡාවට ගෙන ඇති අතර මෙහිදී එම කණ්ඩායමට ‘‘තෝරාගැනීම්‘‘(option) 3ක් ලබා දීමට තීරණයකට එළබ ඇත.

එම තෝරාගැනීම් පිළිබද කළ විමසීමේදී වෛද්‍ය ලක්නාත් කියා සිටියේ එම තොරාගැනීම් තුන ඔවුන්ට ඉදිරිපත් කළ විට ඔවුන් එහි පළමු තොරාගැනීම ලබා ගත් බවයි. එම තොරාගැනීම් මෙසේය.

1. ඔවුනට බණ්ඩරවෙලට පැමිණි වාහනයෙන්ම නැවත්ත තමන් පදිංචි නිවෙස් කරා යා හැක. නමුත් වාහනය අතරමග කිසිදු තැනක නවතා සමාජය අතරට යා නොහැක. අනතුරුව ඔවුන් තමතමන්ගේ නිවෙස්වල දින 14ක කාලයක් නිරෝධායනය විය යුතු අතර. මේ වන විට ලබා ගෙන ඇති ඔවුන්ගේ PCR පරීක්ෂණ වර්තා ඒ ඒ අයවලුන් පදිංචි ප්‍රදේශවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් වෙත යොමු කරනු ලැබේ.

2. දින 14ක කාලයක් බණ්ඩාරවෙල නිරෝධායනය කර ඇති ස්ථානයේම නිරෝධායනය රූගත කිරීමේ කාර්යය කරගත හැක.

3.දැන්ට නිරෝධායනය වෙමින් සිටින හෝටලයේම නැවතී සිටිමින් තමන් පැමිණි වාහනයේම රූගත කිරීම් සඳහා පිටත්ව ගොස් කිසිදු ආකාරයකින් සමාජය හා මිශ්‍ර නොවී රූගත කිරීම් සිදු කොට නැවතත් ඒ වාහනයෙන්ම හෝටලයට පැමිණ සිටිය යුතුය. (බයෝ සෙල් ක්‍රමවේදය)

මෙහිදී වෛද්‍ය ලක්නාත් වීරසේකර මහතා දෙවැනි තොරාගැනීම තමනගේ සිතැගි පරිදි වඩාත් සුදුසු තොරාගැනීම ලෙස ටෙලි නාට්‍ය ශිල්පීන්ට යොජනා කර ඇති නමුත් ශිල්පීන් පිරිස පළමු තොරාගැනීමට කැමැත්ත ප්‍රකාශ කර ඇත. මේ අවස්තාවේදී තම තමන්ගේ නිවෙස් කරා ගොස් නිරෝධායනය වී කොරෝනා තත්ත්වය සමනය වූ පසු තමන් යළිත් රූගත කිරීම් සඳහා පැමිණෙන බව මෙහිදී ඔවුන් පවසා ඇත‍.

මේ සම්බන්ධයෙන් අපි බදුල්ල පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂිකා වෛද්‍ය ජනිතා තෙන්නකෝන් මහත්මියගෙන් කළ විමසීමේදී ඇය සඳහාන් කළේ මෙවැනි ඒකල සිදූවීම් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගැනීමේ සම්පූර්ණ බලය MOH සතු බවයි. එමෙන්ම මේ පිරිසගේ PCR වාර්ථා නෙගටිව් බැවින් මෙහි කිසිදු ගැටලුවක් නැති බවත් ඇය පැවැසීය.

– aruna.lk


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments