Asha de Vos

ආචාර්ය ආශා ඩී වෝස් – අපිට අගයක් නැති අපේ මිනිසුන්




නම ඇසූ පමණින් බොහෝ දෙනා අඳුනන්න පියුමිලා කව්ශිලා තරම් ජනප්‍රිය ද නැත.

විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ද සමාජ මාධ්‍ය ද හඳුනන නමුදු නොහඳුනනා ලෙස ඉන්නවා ද නොහඳුනනවාද නැද්ද මම නොදනිමී.

මේ අපේ රටේ තත්වය මෙය වුවද එදා මෙදා තුර ලෝකයේ වෙනසක් කල හැකි පුද්ගලයින් 100 දෙනා අතරට ගිය එකම ලාංකීයය චරිතය වන්නේ ද ඇයයී.
සාගර විද්‍යාඥවරියක් ලෙස කටයුතු කරන ඇය මතුපරපුර උදෙසා ජාතික සහ අන්තර්ජාතික ලෙස සාගරය, වෙරළ සහ සාගර ජීවින් සංරක්ෂණය උදෙසා මහඟු කර්ත්‍යවයක් ඉටු කරන සුවිශේශි කාන්තාවකි.

ඇය විසින් ජාතික මට්ටමේ කෙසේ වෙතත් අන්තර්ජාතික මට්ටමේ ඇගයීම් සම්මාන රාශියකට හිමිකම් කියනු ලබයී.

කෙසේ හෝ වේවා ඇය පිළිබඳ විග්‍රහයක් කිරීමට සහ අපේ රටේ මාධ්‍ය සදාචාරය පිලිබදව විස්තරයක් පල කිරීමට සිදුවූයේ පසුගිය දින පානදුර වෙරලට ගොඩ ගසා තිබූ 100කට ආසන්න #pilotwales නම් මත්ස්‍යයීන් නැවත දියඹට පිටත් කිරීමේ අසීරූ මෙහෙයුමට පිරිමියෙකු සේ කර දී වැඩ කරන ආශා පිළිබඳ කිසියම් හෝ මාධ්‍යයකින් ඇගයීමක් ලබාදෙතැයි යන අල්පමාත්‍රයක බලාපොරොත්තුව කඩවීමෙන් පසුවය.

මධ්‍යම රාත්‍රිය පසු වුවද ඇය කෙටි ඇදුමකින් සැරසී නාවික හමුදාව සහ ප්‍රදේශවාසින් සමග සිතල මුහුදු වතුරේ බැස ටොන් ගානක් බර අහිංසක සතුන්ගේ ජීවීත බේරා ගැනීමට මාරාන්තික සටනක නියැලෙන එකම ගැහැනිය බව නිසැකයෙන්ම දනිමි.

රාත්‍රි පුවත් වලට පෙන්වීමට වොයිස් කට් එකක් ගත්ත ද ඇය කවුරුද යන්න සදහන් කිරිමට පවා සමහර රූපවාහිනී මාධ්‍ය ආයතන අතපසු කල බව ඉතා කලකිරීමෙන් වුවද මෙහි සටහන් කරමි.

ලංකාව වගේ රටක කිසියම් හෝ විශේෂ පුද්ගල දක්ෂතා කැපකිරීම් පිළිබඳ ඇගයීමක් බලාපොරොත්තුවෙන් සිටින්නා වූ අපට තැලිය යුත්තේ හිටපු ජනාධිපති කියන්නාසේ #මඩුවලිගයකින් වේ.

මක්නිසාදයත් අමුතු ඇටයේ Pioneer Characters වනුයේ චන්දිමාල්ගේ පාටියට අමුතු ඇදුම් ඇදගෙන එන හිස් ජීවිතත් කට වසාතිබෙන පොලිතීන් කවරයවත් ඉවත් නොකර ගගට කල වීසි කරන මෝඩ චරිතත් 11 දී විහාරමහාදේවි බාලිකාවට ගොස් අවුරුදු 02ක් හිටපු දේවි බාලිකාවේ උජාරුව කියමින් කොරෝනා වලට බෙහෙත හංගන් ඉන්න අනික් මිනිස්සුන්ට පොලවේ පය ගහලා ඉන්න උගන්නන ගොබ්බ මරි මෝඩ චරිතත් පමණි.

#Drashadevious වත්මන් පරපුර කෙසේ වෙතත් අනාගත පරපුර ලාංකීය වීර කාන්තාවක් ලෙස ඔබට හිමි නිසි උපහාරය ලබාදෙතැයී බලාපොරොත්තු වෙමි.
කෙසේ හෝ වේවා. ඔබට ජය..!

ළහිරු තිලකරත්න


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
1
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments