ආණමඩුව නගරයේ සිදුවී ඇති අනතුරකින් ආණමඩුව පොලීසියේ රථ වාහන අංශයේ ස්ථානාධිතිවරයා මිය ගොස් ඇති අතර, දුෂණ මර්ධන ඒකකයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා ප්රතිකාර සදහා රෝහල් ගත කර ඇත.
04 වැනිදා රාත්රී 11.45 ට පමණ මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ උප පොලිස් පරීක්ෂක රත්නායක මුදියන්සේලාගේ අජිත් හේමන්ත රත්නායක (අවු:38) නම් අයෙකි.
එක් දරු පියෙකු වන ඔහු නිකවැරටිය – ඉහළගම පදිංචිකරුවෙකි.
අනතුරින් තුවාල ලබා ඇති පොලිස් පරීක්ෂක මධුරංග යන අය ප්රතිකාර සදහා ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇත.
ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
අනතුරට පත්ව ඇති පොලිස් නිලධාරීන් දෙදෙනා 04 වැනිදා රාත්රීයේ ආණමඩුව පොලිස් ස්ථානය තුළ පොරොත්තු රාජකාරියේ නිරතව සිට ඇත.
කොට්ටුකච්චිය ප්රදේශයේදී කිසියම් පිරිසක් ලොරි රථයකට හොර රහසේ හරක් පටවන බවට වූ තොරතුරක් ආණමඩුව පොලීසියට ලැබී ඇත.
ඒ වන විට ආණමඩුව පොලීසියට අයත් ජංගම රථය වෙනත් රාජකාරියක් සදහා පිටත්ව ගොස් තිබී ඇත.
එම හේතුවෙන් තම පුද්ගලික මෝටර් රථයෙන් එම ස්ථානයඑට යාමට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇත.
එහිදී ඉදිරියට පැමිනෙමින් තිබූ සැක සහිත ලොරිය පසු පස තමන් පදවාගෙන පැමිණි මෝටර් රථය ආපසු හරවා ගෙන ලුහු බදින්නට මිය ගොස් ඇති උප පොලිස් පරීක්ෂකවරයා කටයුතු කර ඇත.
වේගයෙන් ගමන් කර ඇති මෝටර් රථය ලිස්සා ගොස් ආණමඩුව නගරය තුළ ඇති ඔරලෝසු කණුවේ ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
ගවයින් ප්රවාහනය කරමින් තිබූ ලොරිය පලා ගොස් ඇත.
අනතුරින් තුවාල ලබා සිටි පොලිස් නිලධාරීන් දෙදෙනාව එමඅවස්ථාවේදීම ආණමඩුව මූලික රෝහලට ඇතුළත් කිරීමට ප්රදේශවාසීන් කටයුතු කර ඇත.
රෝහලට ඇතුළත් කරන විටත් එක් පොලිස් නිලධාරියෙකු මිය ගොස් තිබී ඇත.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
ආණමඩුව පොලීසිය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.