කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පවසයි.
කොරෝනාවෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව ඊයේ(03) පාර්ලිමේන්තුවේදී නැවත කථාබහක් මතුව තිබේ.
ඒ පිළිබඳ අදහස් දක්වමින් සෞඛ්‍ය අමාත්‍යවරිය විසින් මෙම ප්‍රකාශය සිදු කර තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර ඇති වෛද්‍ය විශේෂඥයින්ගේ කමිටුව ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට මේ සතියේ රැස්වීමට නියමිත බවද අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කරයි