බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් 51 දෙනකුට කළ පීසී ආර් පරීක්ෂණවලින් නිලධාරීන් 41 දෙනකු කොරෝනා ආසාදිතයින් වී ඇතැයි සෞඛ්‍ය අංශ වාර්තා කර තිබේ.
මේ වන විට බොරැල්ල පොලීසිය නිලධාරීන් 56 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි.
ස්වයං නිරෝධායනය වීම සඳහා යොමු කර සිටි පොලිස් නිලධාරීන් පොලීසිය තුළ සාමාන්‍ය රාජකාරියේ යොදවා ඇතැයි ද, ඔවුන්ගෙන් සිදු කළ පී සී ආර් පරීක්ෂණවලින් මෙම ආසාදිතයින් වාර්තා වී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි