පිහියක් පෙන්නා බියකර 21 හැවිරිදි තරුණියක දූෂණය කළ නරුමයා




අවිවාහක 21 හැවිරිදි තැනැත්තියකට පිහියක් පෙන්වා බියවද්දා බලහත්කාරයෙන් දූෂණය කරන ලද 24 හැවිරිදි සැකකරුවකු හලාවත පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

වින්දිත තැනැත්තිය හලාවත පුලියන්කඩවර මුගුණුවටවන ප‍්‍රදේශයේ පුද්ගලික ආයතනයක සේවිකාවක ලෙස වැඩ කරමින් එහි ගබඩා කාමරයක තාවකාලිකව පදිංචිව සිටියි. සැකකරු එම ආයතනයේ ලොරි රථ රියැදුරකු ලෙස රැකියාව කරයි.

මෙම සිද්ධිය ඇය නැවතී සිටි ගබඩා කාමරය තුළදී සිදුව ඇත. හලාවත පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂිකා කුමාරි මහත්මිය විමර්ශන සිදුකර වින්දිත තැනැත්තිය හලාවත මහ රෝහලට ඇතුළත් කර තිබේ.

සැකකරු හලාවත මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත.

ඒ. යූ. ගුණපාල – හලාවත අධිකරණ


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments