Alwr Leval 3

ශ‍්‍රී ලංකාව කොරෝනා අවදානම් තුන්වැනි අදියරේ




මේ වන විට මෙරට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය අවදානම් මට්ටම 03 හෙවත් තුන්වන අදියරේ පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය ඊයේ (02වැනිදා) සදහන් කළේය.

මෙම තුන්වන අදියරේදී ප‍්‍රධාන පොකුරු සමාජයේ තැනින් තැන විසිර යමින් උප පොකුරු නිර්මාණය වී රෝගීන් වාර්තා වීම සිදු වන අතර එහි උච්ඡුතම අවස්ථාව වනුයේ පාලනයකින් තොරව සමාජය අතරට රෝගය ව්‍යාප්ත වීම බව වෛද්‍ය වෘත්තිකයෝ සදහන් කරති.

මේ වන විට එකී තුන්වන අදියරද පසුකර මෙරට තුළ කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සමාජය අතරට ගමන් කර ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සදහන් කරන අතර කෙසේ වෙතත් ඒ බව නිල වශයෙන් සදහන් කළ යුතු වන්නේ වසංගත රෝග විද්‍යා ඒකකය බව වෛද්‍ය නිලධාරීන්ගේ සංමයේ මතය වී ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයෙන් ඇරඹි ව්‍යාප්ත වෙමින් තිබෙන කොරෝනා රැල්ල රට පුරා දිස්ති‍්‍රක්ක 24 ක් දක්වා විහිද යද්දී එවන් උප පොකුරු කිහිපයක් නිර්මාණය වන අයුරුද පෙරේදා (01 වැනිදා) වන විට විවිධ ස්ථානවලින් තහවුරු විය.

කෑගල්ල දිස්ති‍්‍රක්කය, ශී‍්‍ර ලංකා පොලිසිය, හොරණ ප‍්‍රදේශයේ සේවකයන් 6000ක් පමණ සේවය කරන ඇගලූම් ආයතනය සහ රත්නපුර දිස්ති‍්‍රක්කය ආදී ස්ථානවලින් මේ වන විට එවන් කොරෝනා උප පොකුරු නිර්මාණය වෙමින් තිබෙන අන්දම ඊයේ වන විට වාර්තා විය.

මේ අතර ඊයේ සවස් වන විටද තවත් රෝගීන් 164 දෙනකු හදුනාගෙන තිබිණි. ඒ අතරින් රෝගීන් 43 දෙනකු නිරෝධායන මධ්‍යස්ථානවලින් හදුනාගෙන තිබුණු අතර සෙසු පිරිස ආශි‍්‍රතයන් බව සෞඛ්‍ය අංශ සදහන් කළේය.

මෙම රෝගීන් 164 දෙනා හදුනා ගැනීමත් සමග මෙරටින් වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන එකොළොස් දහසේ සීමාව පසුකර යමින් 11224 ලෙස සටහන් විය.

මේ සමග මිනුවන්ගොඩ සහ පෑලියගොඩ පොකුරුවලින් වාර්තා වූ සමස්ත රෝගීන් ගණන 7746 ක් දක්වා ඉහළ ගියේය.

මේ අතර වෛරසය ආසාදනය වී ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 344 දෙනකු ඊයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබුණු අතර ඒ අනුව කොරෝනා වැළදී සුවය ලැබූ සමස්ත රෝගීන් ගණන 5249 ක් බව සෞඛ්‍ය අංශ සදහන් කළේය.

මේ අතර කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් සිය මව නිරෝධායනයට රැුගෙන යෑම නිසා ගෙල වැලලාගෙන සියදිවි නසාගත් පානදුර ප‍්‍රදේශයේ 27 හැවිරිදි තරුණයාටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඔහුගේ මරණය සම්බන්ධයෙන් ඊයේ සිදු කළ පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී අනාවරණය විය.

මෙම මරණය 22 වැනි කොරෝනා මරණය ලෙස සෞඛ්‍ය අංශ හදුන්වනු ලැබුවද එය ප‍්‍රශ්නගත කරුණක් වී තිබිණි.

පෑලියගොඩින් ඇරඹි කොරෝනා රැල්ලේ ශීඝ‍්‍ර ව්‍යාප්තියත් සමග ති‍්‍රකුණාමලය මහ රෝහලේ වෛද්‍යවරයකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ වාර්තාවූ අතර කොළඹ කොටහේන ප‍්‍රදේශයේ පදිංචිකරුවකු වන ඔහු නිවසට පැමිණ සිටියදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් සිදු කළ පීසීආර් පරීක්‍ෂණයකදී වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබිණි.

ති‍්‍රකුණාමලය රෝහලේ ප‍්‍රසව හා නාරි ඒකකයේ වෛද්‍යවරයකුට මෙසේ වෛරසය ආසාදනය වී තිබුණු අතර මේ හේතුවෙන් ඔහු සමග සේවයේ යෙදුණු තවත් වෛද්‍යවරුන් දෙදෙනකු නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබිණි.

මෙරට තුළ සිදුවෙමින් පවතින කොරෝනා වෛරසයේ ව්‍යප්තියත් සමග මේ වන විට මෙරට සෞඛ්‍ය ක්‍ෂෙත‍්‍රයේ වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ 50 කට පමණ වෛරසය ආසාදනය වී ඇතැයිද වාර්තා විය.

විශාල සේවකයන් පිරිසක් සේවය කරන හොරණ ප‍්‍රදේශයේ ඇගලූම් කම්හලකින් කොරෝනා ආසාදිතයන් වාර්තා වෙමින් තිබියදී පිළියන්දල කහතුඩුව සැලූන් එකක කරණවෑමියකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා විය.

මේ බව තහවුරු වීමත් සමග වහා කි‍්‍රයාත්මක වූ ප‍්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ඔහුගේ ආශි‍්‍රතයන් 120 දෙනකු හදුනාගෙන පීසීආර් පරීක්‍ෂණවලට යොමු කර නිරෝධායනයට ලක් කිරීමට කටයුතු කර ඇත.

මේ වන විට කහතුඩුව ප‍්‍රදේශයෙන් වාර්තා වී ඇති සමස්ත රෝගීන් ගණන 39 ක් බවද සෞඛ්‍ය බලධාරීන් සදහන් කළේය.

මේ අතර බේරුවල දිසා රෝහලේ දන්ත වෛද්‍යවරයකුට සහ රසායනාගාරයේ සේවය කළ සහායකයකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හදුනාගෙන තිබිණි.

මොවුන් දෙදෙනා ප‍්‍රතිකාර සදහා අයිඞීඑච් රෝහලට සහ බිංගිරිය ප‍්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය.

මෙම වෛද්‍යවරයා සහ සහායකයා කළුතර සහ බේරුවල ප‍්‍රදේශවල පදිංචිකරුවන් වන අතර මොවුන් දෙදෙනාට බේරුවල ධීවර වරායෙන් මතුවූ පොකුරෙන් කොරෝනා වෛරසය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය බලධාරීහු සැක කරති.

කොළඹ මරදානේ පිහිටි ගිනි නිවීමේ හමුදා මූලස්ථානයේ භටයන් සිව් දෙනකුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ වාර්තා විය.

ඔවුන් සිව්දෙනා කඩවත, පිළියන්දල, වලල්ලාවිට සහ මිනුවන්ගොඩ පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ සදහන් කළේය.

මේ අතර බොරැල්ල පොලිසියේ තවත් නිලධාරීන් 08 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ තහවුරු විය.

සමන් ගමගේ


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments