Eliyantha White

රාජකීය වෛද්‍යවරයා විශ්ව බලයෙන් කොරෝනා පරද්දන්න යයි – VIDEO




මේ වනවිට රට පුරා ව්‍යාප්තව පවතින කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම අරමුණු කරගෙන රාජකීය වෛද්‍යවරයා ලෙස සැලකෙන ඒලියන්ත වයිට් මහතා විසින් විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ සතරක් ගංගාවන් වෙත මුදා හැරීමට පියවර ගෙන ඇත.

ඒ අනුව ඒලියන්ත වයිට් මහතා විසින් ඉන් එක් පැන් කළයක් කොද්දූව ප්‍රදේශයෙන් මාදු ගගටද, සංචාරක අමාත්‍ය ප්‍රසාන්න රණතුංග මහතා විසින් එක් පැන් කළයක් ගම්පහ ප්‍රදේශයෙන් කැලණි ගගටද, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් එක් පැන් කළයක් රත්නපුරේදී කළු ගගටද, උදය ගම්මන්පිල මහතා විසින් එක් පැන් කළයක් කොළඹදී කැළණී ගගටද මුදා හැරීමට පියවර ගෙන තිබේ.

මීට අමතරව අනෙකුත් දිස්ත්‍රික්කවල මැතිඇමැතිවරුන්ටද මේ අයුරින්ම පැන් කළ ලබා දී අදාළ ප්‍රදේශවල ඇති ගංගා ඇල දොළවලට මුදාහරින ලෙස දැනුම් දීමක් කර ඇති බවද දැනගන්නට ඇත.

මේ ආකාරයට ඒලියන්ත වයිට්, ප්‍රසන්න රණතුංග, උදය ගම්මන්පිල සහ පවිත්‍රා වන්නිආරච්චි යන මහත්ම මහත්මීන් කොරෝනා වසංගතයෙන් රට මුදා ගැනීම සදහා විශ්ව ශක්තියෙන් බලගන්වන ලද පැන් කළ ගංගාවලට මුදාහරින වීඩියෝ කිහිපයක් ‘මව්රට නිව්ස්’ අප වෙබ් අඩවිය වෙත ලැබී තිබේ.

රාජකීය වෛද්‍යවරයා ලෙස සැලකෙන ඒලියන්ත වයිට් මහතා විශ්ව ශක්තියෙන් රෝග සුව කරන්නකු ලෙස ප්‍රසිද්ධියට පත්ව ඇති අතර ලොව රාජ්‍ය නායකයන් විශාල පිරිසකට මෙන්ම සචින් ටෙන්ඩුල්කාර්, ලසිත් මාලිංග ඇතුළු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන් රැසකටද ඒ මහතා වෛද්‍ය ප්‍රතිකාර ලබා දීමට පියවර ගෙන තිබිණ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
1
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments