shavendra silva

ඇඳිරි නීතියෙන් කොරෝනා මඩින්න බෑ – යුද්ධ හමුදාපති




කොරෝනාවෛරසය පාලනය කිරීම සඳහා හොඳම විසඳුම නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම නොවන බවත් එය පාලනය කිරීමට නම් අවංකව ම සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට සියලු ම දෙනා කැපවිය යුතු බවත් එය පුද්ගල චර්යාවන් මත බලපාන කරුණක් බවත් කොවිඩ්-19 මර්දනය කිරීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා ‘ඉරිදා මව්බිමට’ ප්‍රකාශ කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයට සති දෙකකට වැඩි කාලයක් තිස්සේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද වැඩි ම කොවිඩ්-19 රෝගීන් සංඛ්‍යාවක් දැනටත් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවද යුද්ධ හමුදාපතිවරයා විසින් පෙන්වා දෙන ලදී.

කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය ඇතුළු උතුරු කොළඹ ප්‍රදේශයේ පොලිස් බල ප්‍රදේශ කිහිපයක නිරෝධායන ඇඳිරි නීතිය සතියකට වැඩි කාලයක් ක්‍රියාත්මක වුවද කොළඹ දිස්ත්‍රික්කයේ මට්ටක්කුලිය ප්‍රදේශයෙන් දැනටත් වැඩිම කොවිඩ්-19 රෝගීන් හමුවන බවත් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කරයි.

නමුත් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරනු ලබන්නේ කොවිඩ්-19 පාලනය කිරීම සඳහා යම් පසුබිමක් සැකසීමට බවත් එය හොඳින් සාර්ථක වීමට නම් නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවද ජනතාව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින් නිවෙස් තුළ රැඳී සිටිය යුතු බවත් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කරයි.

බස්නාහිර පළාතට යොදා ඇති නිරෝධායන ඇඳිරි නීතිය සඳුදා (2දා) අලුයම 5.00ට ඉවත් කරන බවත් පසුගිය බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රියට පෙර නිරෝධායන ඇඳිරි නීතිය පැනවූ පොලිස් බල ප්‍රදේශ කිහිපයක ඇඳිරි නීතියද සඳුදා අලුයම 5.00ට ඉවත් කිරීමට බලාපොරොතු වන බවත් යුද්ධ හමුදාපතිවරයා සඳහන් කරයි.

කෙසේ නමුත් එම පොලිස් බල ප්‍රදේශවලින් කුමන පොලිස් බල ප්‍රදේශවල නිරෝධායන ඇඳිරි නීතිය ඉවත් කරන්නේද කියා සමාලෝචනයන් සිදුකර ඒ සම්බන්ධයෙන් අවසන් තීන්දුව ගනු ලබන්නේ අද (01 වැනි ඉරිදා) සවස බවද යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

*ඩබ්ලිව්.කේ. ප්‍රසාද් මංජු
-mawbima


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments