ආණ්ඩුව නිසා අද අපට පාරක යන්න බෑ ලැජ්ජයි – මුරුත්තෙට්ටුවේ හිමි ආණ්ඩුවේ පතුරු අරී




වර්තමාන ආණ්ඩුව බලයට ගෙන ඒමට කටයුතු කිරීම ගැන තමන් වහන්සේ කනගාටු වන බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

ආණ්ඩුවේ සිටින්නේ දෙපැත් නයි බවත් පිරිත් නූල් ගැට ගහන්න තම විහාරස්ථානය පැත්ත පළාතේ එන්න එපා යැයි ද උන්වහන්සේ කියා සිටියහ.

අද වන විට ආණ්ඩුවේ නායකයන් ගේ වටේ ඉන්නේ වෙන වෙන අය බවත් තමන් වහන්සේලාට පාරක බැහැල යාමට හෝ පිරිත් ගෙදර, මල දෙරක යාමට බැරි තත්වයක් උදා වී ඇතැයි ද උන්වහන්සේ කියා සිටිති.

තමන් වහන්සේ ඇතුළු පිරිසට අද ජනතාවට මුහුණ දීමට නොහැකිය ලැජ්ජායෙන් සිටින බවත් උන්වහන්සේ පැවසූහ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාව පැවති සාකච්ඡායකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

අද වන විට කොරෝනා වෛරසය සමාජගතවී අවසන් බවත් ආණ්ඩුව ආණ්ඩුව බොරු කියන බවත් ආණ්ඩුව විසින් නිකුත් කරන්නේ බොරු සංඛ්‍යාලේඛණ බවත් රටම රවටමින් සිත බවත් උන්වහන්සේ කියා සිටිති.

මේ ආණ්ඩුවට විරුද්ධව තමන් සියලු දෙනා පෙළගස්වන බවත් තව ටික දිනකින් මුළු වෘත්තීය සමිති ව්‍යාපාරය පාරට පස් බවත් උන්වහන්සේ තව දුරටත් කියා සිටයහ.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments