කොවිඩ් 19 වෛරසය ආසාදනය වන පුද්ගලයින්ගේ මොළයේ ක්රියාකාරීත්වයට යම් හානියක් සිදුවිය හැකි බව ලන්ඩන් නුවර පර්යේෂණ කණ්ඩායමක් සොයාගෙන තිබේ.
වෛරසය ආසාදනය වන රෝගීන්ට මානසික ආබාද හට ගැනීමේ වැඩි හැකියාවක් පවතින බව මෙම ලන්ඩන් පර්යේෂණ කණ්ඩායම විසින් සොයා ගෙන ඇත.
කොරෝනා වෛරසය ආසාදනය වන ඇතැම් පුද්ගලයන්ගේ මොළය වසර 10කින් පමණ වයසට යන එම පර්යේෂකයින් හඳුනාගෙන තිබේ.
වෛරසය ආසාදනය වී එය දරුණු අතට පත්වන රෝගීන්ගේ මොළයේ මාස ගණනාවක් යනතුරුම ගැටලුකාරී තත්ත්වයන් පැවතිය හැකි බවට ද පර්යේෂණ කණ්ඩායම් අනතුරු අඟවයි.