colombo quarantine center

කොළඹ කොරෝනාවට ලොකුවටම සූදානම් වෙයි.. ගොඩනැගිලි 35ක් නිරෝධායනයට සූදානම් කරයි..




කොළඹ මහ නගර සභාව යටතේ පවතින වෛද්‍ය සායන සහ ප්‍රජා මධ්‍යස්ථාන ගොඩනැගිලි නිරෝධායන මධ්‍යස්ථාන බවට පත්කිරීමට බලාපොරොත්තු වන බව නගරාධිපතිනි රෝසි සේනානායක පවසයි.

එවැනි ගොඩනැගිලි 35 ක් පමණ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගත හැකිවනු ඇතැයි නගරාධිපතිනිය සඳහන් කළාය.

මේ වෙනුවෙන් දැනටමත් ක්‍රියාත්මක වී ඇති බවත් ඊට අරමුදල් වෙන්කර ඇති බවත් ඇය පෙන්වා දුන්නාය. මීට අමතරව නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති ප්‍රදේශවල ජනතාවට වියළි ආහාර බෙදා දීමේ වැඩසටහනක්ද මහනගර සභාව විසින් ක්‍රියාත්මක කර ඇතැයිද නගරාධිපතිනිය පැවැසුවාය.

ඇය පෙන්වා දෙන්නේ මහනගර සභා සීමාව තුළ දින අටක් ඇතුළත පුද්ගලයන් 1150 කට පමණ කොවිඩ් – 19 වයිරසය ආසාදනය වී ඇති බවයි.

නයන තරංග ගමගේ


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
0
Sad
Angry Angry
0
Angry

Comments