බස්නාහිර පළාතට ඇඳිරි නීතිය පනවා තිබෙන අවස්ථාවකදී කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක ප්‍රබල දේශපාලඥයෙක්ගේ පුත්‍රයෙකුගේ විවාහ මංගල්‍ය උත්සවය මේ මොහොතේ පැවැත්වෙමින් තිබෙන බවට වාර්තා වනවා.
මෙම දේශපාලඥයාගේ පුත්‍රයාගේ විවාහ මංගල්‍ය උත්සවය සඳහා 50 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගිවන බවටයි වාර්තා වන්නේ.
කෙසේ වුවත් නිරෝධායන ඇඳිරි නීතිය පනවා ඇති බස්නාහිර පළාත තුළ කිසිදු විවාහ උත්සවයක්, සාදයක් හෝ පැවැත්වීම තහනම් බවට පසුගිය බදාදා රජය විසින් දැනුම් දෙනු ලැබුවා.
මෙවැනි අවස්ථාවකදී දේශපාලඥයෙකුට පමණක් විවාහ උත්සවයක් පැවැත්වීමට අවසරය හිමිවුයේ කාගෙන්ද යන්න ප්‍රශ්නාර්ථයකි.