බියගම පොලිස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ඊ.ඒ.සී.එල්. අමරසේකර ඊයේ (29 වැනිදා) පස්වරුවේ රෝගාතුර වී කිරිබත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොසේ ඇත.
පොලිස්ථානාධිපතිවරයා රාජකාරී කටයුක්තකට සහභාගි වී පොලිස්ථානයට පැමිණෙමින් සිටියදී හදිසියේ රෝගාතුර වීමෙන් මෙලෙස මියගොස් තිබේ.
ස්ථානාධිපතිවරයාගේ මෘත දේහය කිරිබත්ගොඩ රජයේ රෝහලේ තැන්පත් කර ඇත. පශ්චාත් මරණ පරීක්ෂණය අද (30 වැනිදා) පැවැත්වීමට නියමිතය. ඔහු මිය යන විට 52 හැවිරිදි වියේ පසුවිය.
එම්.එල්. හනෆි – මල්වාන
ඉසුරු අසංක – සපුගස්කන්ද