ඇතිව තිබෙන තත්ත්වය මත සංචරණ සීමා පනවා රට වසා දැමීමට උචිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ සාකච්ඡා වී ඇතැයි ‘අරුණ’ පුවත්පත වාර්තා කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඊයේ පෙරවරුවේ මේ බව සාකච්ඡා වී ඇතැයි එහි සදහන්ය.
මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමටද තීරණය කර ඇති බවද එහි තව දුරටත් දැක්වෙයි.
කෙසේ නමුත් ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා කැබිනට් මණ්ඩලය හමුවේ සදහන් කර ඇත්තේ රට වසා දැමීමට සූදානමක් නැති බවත් අවශ්‍ය පරිදි සංචරණ සීමා පැනවීම සිදු කරන බවත්ය.