Gotabaya Rajapaksa

රට වසා දමනවාද – ජනපති පහදයි..




‘කොවිඩ්-19’ වයිරසය හේතු කොටගෙන රට වසා දැමීමේ සූදානමක් නැතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (26) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වන්නේ නම් පමණක් අදාළ ප්‍රදේශවල සංචරණ සීමා ආදිය පැනවීමට සිදුවන බව ද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

කොවිඩ් වැළැක්වීමේ ජනාධිපති කාර්යසාධක බලකයා හා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සමඟ ද තමා මේ පිළිබඳව සාකච්ඡා කළ බව ප්‍රකාශ කර ඇති ජනාධිපතිවරයා රට වසා තැබීමේ අවශ්‍යතාවක් මතුව නැති බව ද ප්‍රකාශ කර ඇත.

– lankadeepa


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
2
Love
Lol Lol
3
Lol
Wow Wow
3
Wow
Sad Sad
2
Sad
Angry Angry
2
Angry

Comments