corona sample

කොරෝනා සාම්පල පිරිලා.. රසායනාගාර ධාරිතාව ඉක්මවලා – රජයේ රසායනාගාර ප‍්‍රධානී කියයි




අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගර පිරී ගොස් ඇතැයි රසායනාගාර සේවා ප‍්‍රධානී නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා සඳහන් කරයි.

කොරෝනා පරීක්‍ෂණ සදහා ලැබී ඇති ජීව සාම්පල වලින් රසායනාගාරය පිරී ඇති බවත් ඔහු පැවසීය.

එනිවා ඒවායේ ප්‍රතිඵල නිකුත් කිරීමද ප්‍රමාද වන බවද ඔහු සඳහන් කළේය.

දැනට මෙරට තුළ ඇති කොරෝනා පරීක්ෂණ ධාරිතාව ඉක්මවා යමින් ඇති බව පෙනී යන බවද ඒ මහතා කියා සිටියේය.

මේ හේතුවෙන් විනාඩි පහළොවක් විස්සක් ඇතුළත කොරෝනා පරීක්ෂණ කල හැකි උපකරණ මෙරටට ගෙන්වන බව ද ඔහු සඳහන් කළේය.

එම පරීක්‍ෂණ ක‍්‍රම ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කරන බවත් ඒ මහතා කියා සිටියේය.


Like it? Share with your friends!

What's Your Reaction?

Love Love
0
Love
Lol Lol
0
Lol
Wow Wow
0
Wow
Sad Sad
1
Sad
Angry Angry
0
Angry

Comments